ශ්‍රී ලංකා ගුවන් ටිකට් මිල පහතට?

 

MALINDO

 

අලුත් ගුවන් සේවා කීපයක්ම මේ වන විට ශ්‍රී ලංකාව තම ගමනාන්තය ලෙස තෝරා  ගෙන ඇත.

චීන සහ තුර්කි ගුවන් සේවා මේ ව විට  ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සපයන අතර මලයාසියාවේ මලින්දෝ පහසු මිළ ගුවන් ගමන්  සේවාව ක්වලම්පුර් සහ වියට්නාමයේ හෝ චි මින් නගරයේ සිට දිනපතා  ගුවන් ගමන්  ආරම්භ කරනු ඇත.ක්වාලාලම්පුර් නගරයේ සිට කොළඹට එන ගුවන් ගමන් දෙසැම්බර් 18 වෙනිදා ආරම්භ වෙන  අතර හෝචි මින් නගරයේ සිට එන ගුවන් ගමන්

ජනවාරි 29 ආරම්භවන බව මලින්දෝ පහසු මිළ ගුවන් ගමන්  සේවාවේ ප්‍රකාශකයෙක් කොළඹදී පැවැසීය.

මේ අතර සර්බියානු ගුවන් ගැන සේවාව මත්තල ගුවන් තොටුපල තම සේවාවන් සඳහා භාවිතා කරන් බව කියා සිටී..

අඩුවීම ප්‍රමාණවත් නැත

විවිධ ගුවන් ගැන සේවා ශ්‍රි ලංකාවේ ගුවන් ගමන් වෙළඳපලට ඇතුල්වීම හේතුවන් මිළ සුළු ගණනකින්අඩුවී ඇතත් එම අඩුවීම ප්‍රමාණවත් නොවන බව ගුවන් මගීහු පවසති.

බටහිර නගර වන ලන්ඩන්,පැරිස්,ටොරන්ටෝ සහ නිව්යෝර්ක් වන නගරවල සිට එන මගීන් හට කොළඹ සාපේක්ෂ වශයෙන් මිළ අධික ගමනාන්තයකි. ටිකට් පත් වලින් අධික බදු ය කිරීම මිළ ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතුවකි.

කටුනායක ගුවන් තොටුපලට කොටි සංවිධානය එල්ල කල ප්‍රහාරයෙන් අනතුරුව රක්‍ෂණ ගාස්තු ඉහළ යාමේ හේතුවෙන් ගුවන් ගමන් මිල ඉහළ ගියේය.දැන් ආණ්ඩුව මැදිහත් වී

මිළ පහත දැමීමට කාලය එළඹ ඇති බව ගුවන් සමාගම් නියෝජිත ආයතන පෙන්වා දෙති.

 

srilankan_air

 

 

 

මැද පෙරදිග ගුවන් සමාගම්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්  මැද පෙරදිග ගුවන් සමාගම් හා ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසයි.

පසුගිය රාජපක්ෂ සමයේ සිට  මහින්ද රාජපක්ෂගේ හීන මානය දුරු කිරීම සඳහා බිහිකරනු ලැබූ මිහින් ලංකා ගුවන් සේවය හා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය අධිකව පාඩු ලබන  ගුවන් සේවා දෙකකි.

චන්ද්‍රිකා පාලන සමයේදී ‘එයාර් ලංකා‘ නමින් තිබු මෙරට ජාතික ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සමාගම හා එකාබද්ධ කිරීමෙන් පසුව ශ්‍රී ලංකන් එයාර් නමින් නාම කරණය වූ අතර ලාබ ලබන තත්වයේ තිබිණි. නමුත් එම ගිවිසුම රාජපක්ෂ රජය විසි අවසන් කෙරුණු අතර මිහින් ලංකා නම් ගුවන් සේවයක්ද ආරම්භ  කරනු ලැබීය. මිහින් ලංකා කිසිදා ලාබයක් නොලැබූ අතර ජාතික ධනය බිලියන ගානනක් විනාශ කළ ආයතනයක් බවට පත්ව තිබේ.

කෙසේ නමුත් මේ වෙනුවෙන් මැද පෙරදිග වඩාත් තරගකාරී ගුවන් සමාගම් තුනක් වන එමිරේට්ස්, කටාර් හා එතිහැඩ් ගුවන් සමාගම කෙරෙහි රජයේ අවදානය යොමුව පවතී. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය කාර්යක්ෂම හා ලාබදායක ආයතනයක් කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.

 

Malaysia’s low-cost carrier (LCC) Malindo Air today confirmed that the operation of daily services to Sri Lanka’s capital Colombo will get underway on 18 December 2015, while the new flights to Ho Chi Minh City will launch on 29 January 2016.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.