ශ්‍රී ලංකා දැල් පන්දු පිළ යළිත් පරාජයේ

SA-v-SL-640x360

 

 

 

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ මුලික වටයේ අවසන් තරගයෙන්  ශ්‍රී ලංකාව ප්‍රබල දකුණු අප්‍රිකාව හමුවේ ගෝල 89-17 ක් ලෙස  දැවැන්ත පරාජයක් ලැබිය.

මෙය ශ්‍රී ලංකාව තරගාවලියේ  ලද තෙවන පරාජය වන අතර මිට පෙර මලාවි රාජ්‍යයෙන් ගෝල 101-18 ක් ලෙසද සිංගප්පුරුවෙන් ගෝල 56-43 ක් ලෙසද පරාද වීය.

Netball logoමෙම පරාජයත් සමග ශ්‍රේණි ගත කිරීමේ තරග වටයට ශ්‍රී ලංකාව අනිකුත් කාණ්ඩ වල මුලික වටයේ තරග වලින් අවසන් ස්ථාන ලබාගත් කණ්ඩායම් සමග එක්වනු ඇති.

ඔස්ට්‍රේලියාව,  නවසීලන්තය එංගලන්තය, දකුණු අප්‍රිකාව, මලාවි, උගන්ඩාව සහ වේල්සය මේ වනවිට සුපිරි වටයට සුදුසුකම් ලබා ඇත. ජැමෙයිකාව සහ ස්කොට්ලන්තය අතර අද සවස් වරුවේ පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයාට සුපිරි වටයේ අවසන් ස්ථානය හිමිවීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.