ශ්‍රී ලංකා නවකයෝ ඉදිරියේ ඉන්දියාව දණ නමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවති ප්‍රථම විස්සයි 20 තරගය කදුළු පහකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චන්දිමාල් ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා. කෙසේ නමුත් ඉන්දියානු පිතිකරුවන්ට සිය සුපුරුදු දක්ෂතා අසලකටවත් පැමිණීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා නවක පන්දු යවන්නෝ 19 වෙනි පන්දු වාරයේත් පන්දුවක් ඉතිරිව තිබියදී ඉන්දියානු ඉනිම ලකුණු 101 කට සීමා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 කදී ලකුණු 105ක් ලබාගන තරගය ජයග්‍රහණය කලේ තම සතුව තවත් කඩුල පහක් ඉතිරිව තිබියදීයි.
තරගයේ වීරයා සම්මානය පන්දුවාර 4කදී ලකුණු 29කට කඩුලූ 3ක් දවා ගත් නවක ක්‍රීඩක කසුන් රාජිතට හිමි වුවා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ මීලග තරගය ලබන 12 වෙනිදා පුනෙහිදී පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.