ශාලාව අවි ගබඩාව පිපිරෙව්වෙ ආණ්ඩුවෙ සැලසුමකටලු… විමල් වීරවංශ බෙලිඅත්තේදී කියයි

Salawa`සාලාව අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හරින ලද්දේ සැලසුම් සහගතව බව විමල් වීරවංශ කියයි. ශාලාව අවි ගබඩාව විනාශ කළ දිනට පසු දින සාගල රත්නායක වැඩිපුර තිබෙන අවි විනාශ කරන බව ප්‍රකාශ කළ බව ඔහු පවසයි. දෙදිනකට පසු වේයන්ගොඩ තිබෙන අවි ගබඩාවෙන් බර අවි වල උණ්ඩ වාහන වලට පටවාගෙන ත්‍රීකුණාමලයට ගෙන නැවක පටවා  කිලෝමීටර 9 ඈත ගැඹුරු මුහුදට ගෙන ගොස්  ගිල්වා දැමූ බව කියයි.

විමල් වීරවංශ මේ ප්‍රකාශය කළේ බෙලිඅත්තේ අද පැවති ජන හමුවක දී ය.

බටහිර රටවල් කියන ආකාරයට ආණ්ඩුව හමුදාවෙ පිරිස් බලය අඩු කරන්න බවත්, අවි බලය අඩු කරන බවත්, හමුදාව බෙලහීන කරන බවටත් ඔහු චෝදනා කරයි. හමුදා  බුද්ධි අංශ හිරේ දමමින්,   අවි ගබඩා පුපුරුවමින්   බර අවි ඔක්කොම මුහුදට දමමින්  මාතෘ භූමිය විනාශ කරන බව ඔහු කියා සිටී.

මෙම ජනහමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්, පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන යන අය සහභාගි වූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.