ශී‍්‍ර ලාංකික ව්‍යපාරිකයාගෙන් බී‍්‍රතාන්‍ය කොන්සවේටිව් පක්ෂයට පවුම් මිලියනයක අධාරයක්……….

subashkaranබි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලාංකිකයෙක් වන සුභාෂ්කරන් අලෙයිරාජා නම් ජංගම දුරකතන සේවාජාල හිමිකරුවා බී‍්‍රතාන්‍ය කොන්සවේටිව් පක්ෂයට පවුම් මිලියනයක පමණ දායකත්වයක් ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ දැන් ප‍්‍රශ්න මතුවී ඇත. ඔහු ඬේවිඞ් කැමරන්ගේ ආණ්ඩුවට දිගින් දිගටම ආධාර ලබාදීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවට රුපියල් මිලියන 6ක විදේශ
ආධාර ලබාදීමට කැමරන් හිටපු අග‍්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බවයි ඬේලි මේල් පුවත්පත වාර්තා කරන්නේ. 44 හැවිරිදි සුභාෂ්කරන් අලෙයිරාජා බි‍්‍රතාන්‍යයේ ධනවතුන් අතර 640 වන ස්ථානය ගනී.

මුලතිව් ප‍්‍රදේශයේ සිට බි‍්‍රතාන්‍යයට ගිය ඔහු මේ වන විට ලයිකා මොබයිල් නම් දුරකතන ජාලයක් පිහිටුවා ගෙන ඇති අතර එමගින් කරන කටයුතු පිළිබඳව දැන් විමර්ශන ආරම්භ වී ඇත. ඔහුගේ සමාගමක සිදුවූ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශන ආරම්භ වූ විටයි කොන්සවේටිව් පක්ෂයට දෙන ලද ආධාර පිළිබඳව හෙළිදරව් වී ඇත්තේ වැට් වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඔහුගේ සමාගමේ සේවය කල 19 දෙනෙක් ප‍්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් අලෙයිරාජා කියා සිටින්නේ තමන් වැරුද්දක් කොට නැති බවයි. ඔහු ඩොලර් මිලියන තුනක පමණ මන්දිරයක එසෙක්ස් හි තමන්ගේ බිරිඳ සමග වාසය කරයි. මේ අතර වාරයේ බි‍්‍රතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂය කියා සිටින්නේ තමන්  න්ගෙන් නිසි ලෙස මුදල් ලබා ගෙන ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.