Telecom -Hutch :ගනුදෙනුව ගැන ජනපති මන්ද නිහඬ?

සිරිසේන සොහොයුරන්
සිරිසේන සොහොයුරන්

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව රාවය හෙලිදරව්  කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයා විසින් හොයා බැලීමක් කල යුතුව ඇති බව සිවිල් සමහ ක්‍රියාධරයින් කියා සිටිති.

මේ ගනුදෙනුවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති වරයා වන කුමාරසිංහ සිරිසේනයි.

ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් හැටියට එම ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අතර ටෙලිකොම් සමාගම එය මිලදී ගන්නට යන්නේ ඩොලර් මිලියන 130කට වැඩි මිලක් ගෙවමිනි.

මේ ගනදෙනුව ප්‍රශ්න කරන පාර්ශවය පෙන්වා දෙන ආකාරයට මහිදී අපහරණය වන මුදල් අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිල්ලර පික්පොකට් ගැසීමක් බවට පත් වෙනු ඇත

 

hutch-sri-lanka-swot-pest-others-1-638

ගනුදෙනුවේ පලදායකභාවය

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔක්තෝබර් 9වැනිදා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී එහි සභාපති කුමාරසිංහ සිරිසේනගේ මෙහෙය වීමෙන් පුද්ගලයකු විසින් කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ගනුදෙනුවේ පලදායකභාවය ගැන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සෑහීමට පත්වී නැත. එසේ වුවත්, ඉදිරියේදී එම ගනුදෙනුව ඒ විදියටම සිදුවන ආකාරයට කරුණු පෙළගැසෙමින් තිබෙන බව රාවය පෙන්වා දුන්නේය.

ජනධිපතිවරයාගේ ආශීර්වාදය

මෙම ගනුදෙනුව රිසි පරිදි කරගෙන යෑමට අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමට ජනධිපතිවරයාගේ ආශීර්වාදය ලැබී ඇති බවක් පෙනෙන්නට.ඇති බවත් එවැනි තත්වයක් යටතේ යහපාලනය ගැන කථා කරන ජනාධිපතිවරයෙකුට නිසොල්මන්ව සිටිය හැකිද යන්න වෙළඳපල විචාරකයින් පවසති.

ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකුත් මේ ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා සක්‍රීයව මැදිහත්වී සිටින බව වාර්තාවේ.

 

president sirisena needs to look in to hutch-telecom deal

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.