සංධානයේ තවත් ඉරිතැලීම්

 

web-logo

 

 

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සන්ධානය තුල පෙනී සිටින පිරිස කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පශය සමඟ පවත්වන ඇයි හොඳයිය අත‍හැර වෙනමම පෙරමුණක් ලෙසින් පළාත් පාලන මැතිවරණ වලදී තරඟ  වැදීමට සුදානම් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ පෙරමුණට එක්වීමට සුදානම සිටින බවත් මේ වන විට මේ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ හිටපු ජනධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පශය සමඟ ගොඩනග ගෙන තිබෙන හවුල පරජය කරීම නව පෙරමුණේ අරමුණ බවයි නානායක්කාර මන්ත්‍රීවරයා පවසන්නේ.

 

z_p-19-Massesvasudeva

මන්ත්‍රීවරු තිස්දෙනෙක් පමණ මෙම නව පෙරමුණට එක්වීමට ඉඩ ඇති අතර මේ මගින් සිරිසේන ජනාධිපතිවරයා ගේ නායකත්වයට ප්‍රබල දේශපාලන අභියෝගයක් එල්ල වීමට ඉඩ තිබෙන බව නානායක්ක්කර මන්ත්‍රීවරයා  වැඩිදුරටත් පැවසීය.

සිරිසේන ජනාධිපතිවරයා පසුගිය දා කියා සිටියේ තමන් පළාත්මැතිවරණ වැළදේ ස්ථිර වශයෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා  ලේකම් දුමින්ද දිසානායක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තුළ බෙදීමක්  නැති බවයි.

 

.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.