සටනකට සූදානම් වෙන්න… නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමති නසීර් අහමඩ් රාජිතට කියයි

Nazeer Ahamadත‍්‍රිකුණාමලය – – සමන් මල්ලවආරච්චි

ඖෂධ සංයෝජන නිලධාරින් 380 ක් පත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පලාතට ලබා දි ඇත්තේ දෙදෙනෙකු පමණක් බවත් මේ ඖෂධ සංයෝජන නිලධාරින් පත් කිරීමේදී නැගෙනහිර පලාතට සාධාරණයක් ඉටු කිරිමට නොහැකි වුවහොත් නැගෙනහිර පලාතේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී ඇතිවන සටනකට සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දීමට සුදානමින් සිටිය යුතු යැයි නැගෙනහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය හාපිස් නසීර් අහමඞ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ. 2013 චක‍්‍රලේඛයට අනුව නැගෙනහිර පලාත තුළ ඖෂධ සංයෝජක නිලධාරින් 56 දෙනෙකු සදහා පුරප්පාඩු පවති.

එසේ පුරප්පාඩු තිබියදි දෙදෙනෙකු පමණක් නැගෙනහිර පලාතට පත් කිරීම මෙම පලාතට දිගින් දිගටම එල්ලවන අසාධාරණයක් බව මා පැවැසිය යුතුයි. ඒ වගේම නැගෙනහිර පලාතේ ඖෂධ සංයෝජක නිලධාරින් 56 දෙනෙකු ගේ පුරප්පාඩු පවතිත්දී ඉන් අඩක්වත් නැති 19 දෙනෙකුව ලබා දී යලි 17 දෙනෙකු මධ්‍යම රජය විසින් ඉල්ලා සිටීම පලාත් සභාවේ බලය හෑල්ලූවට ලක් කිරීමක් බව මා සිතනවා.

ඒ වගේම නැගෙනහිර පලාතට එල්ලවන අසාධාරණකම් වහාම නැවැත්විය යුතු බැවිනුත් පළාත් සභාවට ලැබිය යුතු බලතල කිසිදු හේතුවක් මත නොපමාව ලබා දිය යුතු බව මා යලිත් අවධාරණය කර සිටිනවා. මේ පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය පී පී මහිපාල හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම යන දෙදෙනාවම දුරකතනය ඔස්සේ සම්බන්ධ කර මේ පිළිබදව මාගේ බලවත් විරෝධතාවය හා නොසතුට පල කළ අතර මේ පිලිබදව ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව කියා සිටියා.

ඒ වගේම ජන පදනම අනුව ඖෂධ සංයෝජන නිලධාරින් පත් කිරීම කල තිබුණේ නම් නැගෙනහිර පලාතට 32 ක් පත් කල යුතුයි. ඒ වගේම 2016 වසර වනවිට අපට අවැසි වන ප‍්‍රමාණය සලකා බැලීමේදී දෙගුණයක් අපට අවශ්‍ය වේවි. එයත් මා පෙන්වා දෙන්නට කැමැතියි. ඒ වගේම මධ්‍යම රජය ඉල්ලා සිටින ඖෂධ නිලධාරින් 17 දෙනා යලි එවීමට නම් සාධාරණව ලබා දිය යුතු 32 නාම ලබා දිය යුතුයි. ඒ වගේම ඒ 17 දෙනාම කලින්ම ලබා ගැනීමට තිබුණේ නම් අප පලාතට 49 දෙනෙකු පත් කිරීම කල යුතුයි. ඒ වගේම නැගෙනහිර පලාතට පත්වීම් දෙකක් පමණක් ලබා දී අනෙක් 378 දෙනාවම කුමන පදනමක් මත පත් කරන ලද්දේද ඒ වගේම අප පලාතට අවශ්‍ය සියලූම දේ සටනකින් ලබා ගැනීමට සිදුව තිබීම කණගාටුවට කරුණක්. නැගෙනහිර පලාතේ අයිතිවාසිකම් ලබා ගැනිම සදහා කුමන වු සටනකට වුවද මුහුණ දීමට මා සුදානම් බව කියන්නට කැමැතියි එමෙන්ම අප පලාතේ ජීවත්වන ජනතාවටත් අන් පලාත් වල ජීවත්වන ජනතාවට වගේ සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි. මගේ අරමුණ වන්නේ මේ ඖෂධ සංයෝජන නිලධාරින් පත් කිරීමේදී අපට සාධාරණයක් ඉටු කිරිමට නොහැකි වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පලාතේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇතිවන සටනකට මුහුණ දීමට සුදානමින් සිටිය යුතු බව මා කියන්නට කැමැතියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.