සනත් කෝලිව පරදවයි

sanaawww. cricket. com. au වෙබ් අඩවිය ආරම්භ කල ලෝකයේ බිහිවූ ශේෂ්ඨතම එක්දින ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා වන මත විමසුමෙන් විරාත් කෝලිව පරදා සනත් ජයසුරිය ජයග්‍රහණය කර ඇත.

එහි අවසන් සිවුදෙනා තෝරා ගැනීම මේ වන විට සිදුවන අතර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා විරාත් කෝලි අතර අවසන් සිවුදෙනාගෙන් එක් අයෙක් තොරා ගැනීම සඳහා මත විමසුමක් පැවැතියේය.

එක් අවස්ථාවකදී ප්‍රකාශිත ඡන්ද අතරින් 52%ක ප්‍රතිශතකයක් ඉන්දියාවේ විරාත් කෝලිට හිමිව තිබූ අතර සනත්ට ලැබී තිබුණේ 48%ක ප්‍රතිශතකි. කොලි පරදා සනත් ඉදිරියට පැමිණීම හේතුවෙන් ඔහු හා සචින් අතර අවසන් තරගයට පිවීසීම සඳහා මත විමසුමක් පැවැත්වෙයි.

මේ අතර කුමාර් සංගක්කාර හා ශේන් වෝන් අතර පවතින මත විමසුමෙන් එක් අයෙක් හා ඉම්රාන් ඛාන් හා වකාර් යුනිස් අතර පැවැත්වෙන මත විමසුමෙන් එක් අයෙක්ද අවසන් සිවුදෙනා අතරට පිවිසීමට නියිමිතය.

sanaa sanaa111 sanaa222 sanaa333

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.