සනෝජා ගෙන් රත්තරන් බඩු හොරාට සහතිකයක්

 

sanoja+gossip-lanka

 

තමන්ගේ සොරාගත් රත්තරන් බඩු  ආපසු ලබා දුන් හොත් තමන් ඒ පිළිබඳව පොලීසියට නොකියන බවත් හොරට හැකි උදව්වක් කරන බවත් සනෝජ බිබිලේ කියා සිටියාය

දමිතා සළුවඩන නිළිය ගේ අවමගුලට ගිය අවස්ථාවේදී ඇගේ වාහනයේ වීදුරුව කඩා හොරකම සිදු කොට තිබින. ඈ ජීවිතේ ලැබූ ඒ දුක්‌බරම අත්දැකීම් මෙලෙස අප වෙත දිග හැරියා.

 

“මම එදා ගෙදර ගිහින් අක්‌කවයි තාත්තවයි බලෙන් වගේ තමයි කාර්එකට දාගත්තේ. මොකද ඒ ගොල්ලෝ දමිතා සළුවඩනගේ මළ ගෙදර යන්න බැහැ කිව්වා. අපේ අම්මිගේ රත්‍රං බඩුයි, මගේ රත්‍රං බඩුයි තිබුණේ මේ ගෙදර. අපි මේ රත්‍රං බඩු බැංකුවේ සේප්පුවක සේප්පු ගත කරන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් මාගේ රාජකාරි වැඩහින්දා ඒකට යන්න අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. ගෙදරින් එළියට එනකොට ආරක්‍ෂාවට කියලයි ඔවුන් මේ රත්‍රං බඩු ටික අරගෙන ආවේ. මළ ගෙදරට යාර කිහිපයක්‌ විතර දුරින් වාහනය නතර කරලා අපි මළ ගෙදරට ගියා. අපි කාර් එකෙන් බහිනකොට මගේ අක්‌කා කිව්වා කාර්එකේ රත්‍රං බඩු ටික කියලා. ඒ වෙලාවේ මම කිව්වා වාහනේ ලොක්‌ කරලානේ තියෙන්නේ. කියලා. ඒ වෙලාවේ හැටියට ඒක එච්චර හිතුවේ නැහැ.

 

මගේ මතකයේ හැටියට එතැන කවුදෝ තුන්දෙනෙක්‌ හිටියා. එතැන වෑන් එකකුත් නතර කරලා තිබුණා. ඊට පස්‌සේ මළ ගෙදර පැය එකහමාරක්‌ විතර හිටියා. අපි ඇවිත් බලන කොට වාහනේ පිටුපස වීරුදුව කඩලා. එතකොටම වගේ මට කියෑවුණා බලන්න අක්‌කාගේ බෑග් එක තියෙනවාද? කියලා. එයා කිව්වා නැහැ කියලා. මගේ හෑන්ඩ්බෑග් එකත් අරගෙන ගිහිං. එකේ මට මතක විදිහට තිබුණේ රුපියල් දෙදහසකුයි, ජංගම දුරකථනයයි. අක්‌කාගේ බෑග් එකේ තමයි රත්‍රං බඩු පාර්සල් දෙක තිබුණේ. ඒකේ තව බැංකු ලේඛන කිහිපයකුත් තිබුණා. ඔක්‌කොම අලාභය ලක්‍ෂ හතළිහක්‌ විතර ඇති. මගේ ගමන් මල්ල දැකලා තමයි වීදුරුව කුඩු කරලා අරගෙන තියෙන්නෙ. එහෙමත් නැතිනම් අපේ අක්‌කා කියපු දේ ඇහුණා.

රත්තරන් බඩු නැතිවූ බව දාගත් මොහොත
රත්තරන් බඩු නැතිවූ බව දාගත් මොහොත

ඇයි අපිට මෙහෙම දෙයක්‌ කළේ. මට දැනෙන විදිහට පොලිසිය මේ හොරු අල්ලන්න සෑහෙන මහන්සි වෙනවා. මේ වෙලාවේ මට කාටවත් උදව් කරන්න බැහැ. මාව සන සන්න විතරයි පුළුවන්. ඒත් ජීවිතේ මැරෙන්නේ නැහැ කියලා හිතන කලාකරුවෝ පිරිසක්‌ ඉන්නවා. ඔවුන් ඇරෙන්න පොලවේ පයගහලා ජීවත්වෙන පිරිස මට දුරකථන ඇමතුම් දීලා දුක බෙදාගත්තා. මම උදව් කරලා තියෙන නළු, නිළියෝ ඉන්නවා. මේ සිද්ධිය වුණ වෙලාවේ එතැන හිටපු නළු නිළියෝ ඉන්නවා. ඔවුන් මේ ගැන හො¹කාරව ම දන්නවා. මොකද මේ සිද්ධිය ගැන මාධ්‍යයේ ලොකුවට කතාබහ වුණා. ඔවුන් මාත් සමඟ වචනයක්‌ කතා කරලා දුක බෙදාගත්තේ නැහැ. මගෙත් එක්‌ක එකට රඟපාපු ප්‍රවීණයෑයි කියන නළු නිළියෝ අද වෙනකම් මගෙත් එක්‌ක දුකබෙදා ගත්තේ නැහැ. ඔවුන් කවදාවත් නොමැ රෙන, දුකක්‌ කරදරයක්‌ සිදු නොවන පිරිසක්‌ වෙන්න ඇති.

 

ඇගේ දුක තදකරගත නොහැකිව යළිත් නෙතින් කඳුළු ගලාහැලේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.