සමනළීට වරෙන්තු

Thinetha_Web_1456932456ජනප්‍රිය නිලි සමනලී ෆොන්සේකා හා ගායක ඉන්ද්‍රචාප ලියනගේ අත්තඩන්ගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස කුරුනෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ  මෙනවිය විසින් වරෙන්තු නිකුත් කොට තිබෙනවා.

ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ ප්‍රදේශයේදී අලුත් පරපුරේ පිරිසකට එල්ල කල ප්‍රහාරයේ සාක්ෂි කරුවන් ලෙස පෙනී සිටීමට නියමව තිබියදී නඩුවට සහභාගී නොවී සිටීම හේතුවෙනුයි.

නඩුවේ විත්තිකාර පාර්ශවය නඩුවට පෙනී සිටි අතර මහේස්ත්‍රාත්තුමිය සමනලී ෆොන්සේකා හා ගායක ඉන්ද්‍රචාප ලියනගේ  අත්තඩන්ගුවට ගෙන උසාවියට ඉදිරිපත්කරන ලෙස නියෝග නිකුත් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.