සරණාගත යැයි කියාගත් පකිස්තානු ජාතිකයෙක් පේරාදෙණිය රෝහලට පොල්ලක් තියලා

Pakisthan 11පකිස්තානු ජාතික සරණාගතයකු බව කියන පුද්ගලයෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව විදේශිකයයෙක් රජයේ රෝහලක ප්‍රතිකාර ගත්විට කළ යතු ගෙවීම් කිරීම ප්‍රතික්ෂේප කර පිටව ගොස් තිබේ.

මේ තැනැත්තා ඉකුත් 12 වැනි දින සිට ඊයේ ( 24) දක්වා  දින 12 ක්   පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 6වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත.  ඔහු ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ  මානසික රෝගී තත්ත්වයක් සඳහාය.  මුස්ලිම් කතෝලිකයෙක් බව කියන විසි හැවිරිදි රහීල් අහමඩ් නැමැති මේ පුද්ගලයා නාවලපිටියෙ පදිංචි බවට වූ ලිපිනයක් ලබා දී තිබේ.

ප්‍රතිකාර ලබාගෙන පිටවී යන අවස්ථාවේ විදේශිකයෙක් ලෙස ඔහු විසින් රජයට ගෙවිය යුතු රෝහල් ගාස්තු පිළිබඳව රෝහලෙන් දැන්වූ විට ගෙවීම් කිරීම ප්‍රතික්ෂේප කළ මේ පුද්ගලයා තමන් සරණාගතයෙක් බවත්, තමන්ගේ සියලු වියදම් ලංකා රජයෙන් දරණ බවත් කියමින් යුනෙස්කෝ ආයතනයෙන් නිකුත්කළ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු පිටවගොස් තිබේ. එහෙත් සරණාගත  භාවය සනාථ කරන ලංකා රජයේ කිසිදු ලේඛණයක් ඔහු සතුව තිබී නැති බව වාර්තා වේ.

රෝහල් බලධාරීන් මේ සම්බන්ධව රෝහල් පොලිසිය ට දැනුම් දී  තිබේ. පොලිසිය පරීක්ෂණ පවත්වන බව කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.