සිසුන්ට පහර දී වැඩ වරද්දා ගැනීම ගැන පොලීසිය ගිනියම්

women POLICE SRI LANKAවොඩ් පෙදෙසේදී ඔක්තෝබර 29 වැනි දා පැවති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු විරෝධතාවයේ දී සශිනි සංදීපනී කුමාරසිංහ සිසුවියකට පහර දුන් බව කියන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම  ගැන නිර්නාමිකව  කරුණු දැක්වූ පහල මට්ටමේ පොලිස් නිලධාරින් කීප දෙනෙක්ම තීරනය පිළිබඳව තම අප්‍රසාදය පළ  කළහ.

බම්බලපිටිය පොලිසියේ සැරයන්වරයෙක් කියා සිටියේ තමන්ගේ දියණියක්ද කොළඹ සරසවියේ

ඉගෙනුම ලබන හෙයින් තමන් පසෙකට වී සිටියදී එතනට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයෙක් චාර්ජ්, චාර්ජ් කියමින්හ් තමන හා  සිටි පොලිස් භට පිරිස  කුලප්පු කළ බවත් සිසුන් හුදෙක් පස්සට තල්ලු කල සාමාන්‍ය පොලිස්  භටයින්ටපො.. යා කියමින් බැන වැදුන බවත් පැවසීය. මෙම සහකාර පොලිස් අධිකාරිවරයා මානව හිමිකම් කොමිසම වෙත කරුණු දැක්වීමට ගිය පිරිස් අතරේ සිටි බවත් මෙම සැරයන් වරයා පෙන්වා දුන්නේය.දැන් මෙම  නිලධාරීන් සෙස්සන් වෙත වරද පටවා තමන්ගේ ඇඟ බේරා ගැනීමට කටයුතු කරන් බව සැරයන් වරයා පෙන්වා දුන්නේය.

විනයානුකුල පියවර

නිලධාරීන්ට නියෝග නිකුත් කළ නිලධාරීන් හා මේ ක්‍රියාවලිය අධීක්ෂණය කළ නිලධාරීන් කවුරුන්දැයි යන්න ද සොයා බලා විනයානුකුල පියවර ගැනීම පොලීසිය වෙතම පැවරීම නරියාට කුකුල් කොටුව භාරදීම සහ හොරාගේ අම්මා ගෙන් පේන ඇසීම යන ක්‍රියාවලින් දෙකේ එකතුවක් බව දෙමටගොඩ පොලීසියේ උප පරීක්ෂකවරයෙක් පැවසීය.

” කොමිසම ගත තීරණය හරි හෝ වැඩි වෙන්න පුළුවන් නමුත් එක පොලීසිය හරහා සාධාරණව ඉටුවේවි කියලා හිතන්න අමාරුයි.මොකද chane of comand ඒ කියන්නේ නියෝග දීමේ වැඩපිලිවෙල සකස් කරන්නේ.ක්‍රියාත්මක කරන්නේ පොලීසියේ ලොකු මහත්තුරු ටික . ඉතින් උද්ඝෝෂණයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් අපි තමයි කටයුතු  කළේ කියලා ඒ ගොල්ල පිළිගනීවිද? යැයි මේ උප පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

images (84)police

 

සමස්ත පොලීසියම

හුදෙක් අහඹු  සිදුවීම් එකක් දෙකක්  දිහා බලන්නේ නැතුව සමස්තයක් ලෙස සිදුවීම දෙස  බලා කැරළි මර්ධනයේදී උද්ඝෝෂකයින් ගේ අයිතිවාසිකම් වලට හානි නොවන   අන්දමින් කැරළි මර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සමස්ත පොලීසියම දැනුවත් කළයුතු බව හිටපු  පොලිස් නීති නිලධාරියෙක් කියා සිටියේය.

 

වැඩ තහනම් කළ පොළිස් නිලධාරියා කිරුළපොන පොලිසියේ සේවය කරන බව  ආරංචි පැතිර ගොස් ඇති අතර එහි සේවය කරන කොස්තාපල් වරයෙක් කියා සිටියේ’අනුන්ගේ සීනි කිරන්නට  ගියහම ඔහොම වෙනවා’ කියාය.

 

තවත් කොස්තාපල් වරයෙක් කියා සිටියේ මේ වැඩෙන් පොලිස් මොරාල් එක බිංදුවටම වැටෙන බවයි.

ප්‍රමාණවත් සාක්කි

කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් සාක්කි කොමිසම හමුවේ ඉදිරිපත් වී නොමැති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කීයා සිටී.

එම නිසා එම නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව පියවරක් නොගැනීමට අද පැවැති සාකච්ඡාවක දී තීරණය ගත් බව ද කුරේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සතියකට පෙර  නිර්දේශ කළේ පහර දීමට අන දුන් හා පහර දීම සිදුවන අවස්ථාවේ අධීක්ෂණය කළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගන්නා ලෙසයි.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.