සසිදරන්ට ඇප ලැබී ඇත්තේ පොලිසිය “බුලක්“ නිසා…

Policeප්‍රහාරයට ලක්ව අසාධ්‍යව ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනා යාපනය සරසවි සිසුවා සැත්කමකට ලක් කිරීමට නියමිතව තිබියදීත් එම ප්‍රහාරයේ වගකීම භාරගෙන අධිකරණයට භාරවුණු යාපනය විශ්වවිද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය සංගමයේ කදවුම්කරු ටී. සසිදරන් අප මත නිදහස්ව ඇත්තේ පොලිසිය විසින් ඔහුව අධිකරණය වෙත ඉදිිපත් කර ඇති ආකාරය නිසා බව වාර්තා වේ.

නවකවදය හෝ වෙන ඕනෑම සාහසික ක්‍රියාවක් ආවරණයවන ආකාරයට සම්මත කර ඇති   1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සහායික ක්‍රියා තහනම් කිරීමේ පනත”  යටතේ  මෙම ශිෂ්‍ය නායකයා ඉදිරිපත් කළානම්  මේ පර්යේෂණ වඩාත් විශ්වාසනීය ලෙස කළ හැකිව තිබුණු බව තතු දත් ආරංචිමාර්ග පවසයි.

පනතේ 3 වැනි වගන්තිය අනුව අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයකු හෝ කාර්ය මණ්‌ඩලයේ යම් සාමාජිකයකු හෝ තුළ බිය ඇති කිරීමේ චේතනාව ඇති ව එම තැනැත්තාට නීතියෙන් නියම කර නොමැති යම් ක්‍රියාවක්‌ කරන ලෙස හෝ කිරීමට හෝ ඒ තැනැත්තාට අයිතිය තිබෙන යම් දෙයක්‌ නො කර හරින ලෙස හෝ බල කිරීමේ චේතනාව ඇති ව එම ශිෂ්‍යයා ගේ හෝ කාර්ය මණ්‌ඩල සාමාජිකයා ගේ හෝ ශරීරයට, කීර්තියට හෝ දේපළට හානි කරන බවට වාචිකව හෝ ලිතව හෝ තර්ජනය කිරීම වරදක්‌ වන බව දක්‌වා තිබේ. එයට අමතරව එම ශිෂ්‍යයාට හෝ කාර්ය මණ්‌ඩල සාමාජිකයාට සම්බන්ධයක්‌ ඇති වෙනත් තැනැත්තකුට වුව ද උක්‌ත අරමුණු ඉටු කර ගැනීම සඳහා පෙර සඳහන් ආකාරයට තර්ජනය කිරීම වරදක්‌ බව දක්‌වා තිබේ. මේ සඳහා වරදකරු වන තැනැත්තකු වසර පහක්‌ නො ඉක්‌මවන කාලයකට බරපතල වැඩ සහිත ව බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතු බව දක්‌වා තිබේ.

කැලණි සරසවියේ සිසු සිසුවියන් 7 දෙනෙක් දින 77 තිස්සේ බන්ධනාගාරගතව හිදින්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත්තෙ නවක වද පනතට යටතේ නිසා බව එම ආරංචිමාර්ග පැහැදිලි කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.