ස්වාධින කොමිශන් සභාවල ස්වාධිනත්වයට කිසිදු හානියක් නැහැ – කරු ජයසූරිය

karu-jayasuriya

ස්වාධින කොමිශන් සභාවල ස්වාධිනත්වයට කිසිදු හානියක් නැති බවත් ඉදිරියේදීත් එහි ස්වාධිනත්වය රැකගැනීමට හැකිවනු ඇතැයි කතානායක කරු ජයසූරිය ප‍්‍රකාශ කරයි. කතානායක වරයා මේ ප‍්‍රකාශය සිදුකලේ ස්වාධින කොමිශන් සභාවල සාමාජිකයින් හමුවීමෙන් පසුවයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් පසුගියදා කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශනය හේතුවෙන් ස්වාධින කොමිශන් සභාවල සාමාජිකයින් තුල තමන්ට තමන්ගේ රාජකාරි නිසියාකාරව කරගෙන යා හැකිද යන්න පිළිබඳව කුකුසක් ඇතිවී ඇති බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ස්වාධින කොමිශන් සභා පිළිබඳව කිසිදු මතභේදයකින් තොරව කටයුතු කරගෙන යන බවයි කරු ජයසූරිය පවසා ඇත්තේ. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට හිටපු ආරක්ෂක ලේකම් වරයා හා හිටපු නාවික හමුදාපතිවරු ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන තම අප‍්‍රසාදය පලකොට සිටියත් රනිල් වික‍්‍රමසිංහ ඒ පිළිබඳව අනුමත කරන්නේ නිහඬ ප‍්‍රතිපත්තියකි. මේ පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් නොකරන්නැයි ඔහු පක්ෂයේ සෙසු නායකයින්ට දැනුම් දී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.