සාක් සමුළුවෙන් රටවල් වලට අපේක්ෂිත ප්‍රතිපල ලබා දීමට නොහැකි නම් වෙනත් විකල්ප සොයා බලනවා – රනිල් වික්‍රමසිංහ

ranil-wickramasinghe1අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ඇතුළු පිරිස මේ වන විට ඉන්දියාව බලා පැමිණ සිටිති. අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අතර නවදිල්ලි නගරයේදී සාකච්ජා පැවත් වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඉන්දියාවට පා තබන්නේ නවසීලන්තයේදී ආසියානු කලාපය පිළිබදවත් ඉන්දියාව පිළිබදවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවයි . සාක් සමුළුවට එහි සාමාජිකයින් බලාපොරොත්තු වන ප්‍රතිපල ලබා දීමට නොහැකි වී ඇති  හෙයින් එය දැන්  අසාර්ථක වී ඇති රනිල් වික්‍රමසිංහ කියා සිටියි. සාක් සමුළුවේ ප්‍රධාන භූමිකාවක් දරන්නේ ඉන්දියාවයි. සාක් සමුළුව මගින් කලාපයේ රටවල් වලට අපේක්ෂිත ප්‍රතිපල ලබා දීමට නොහැකි නම් වෙනත් ආකාරයේ  විකල්ප තමන්ට සොයාබැලීමට සිදුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ. මෙය තමන් චීනය සමග ගනුදෙනු කිරීමට යන බව කියා පාන  ඉගියක්දැයි විචාරකයින් ප්‍රශ්න කොට සිටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.