සැත්කමේදි බඩ ඇතුළෙ ගෝස් ගුලියක් අමතක කරලා… රෝගියා අනූනවයෙන් බේරෙයි..

 

එන්ඩොසිකොපි පරීක්ෂණයේදීීී ගෝස් ගුලිය දිස් වූ ආකාරය
එන්ඩොසිකොපි පරීක්ෂණයේදීීී ගෝස් ගුලිය දිස් වූ ආකාරය

පැලෝපිය නාලයේ වතුර ගෙඩි ඉවත් කරීමට මහමෝඳ ර රෝහලේ කළ සැත්කමකදී  බඩ තුළ ගෝස් ගුලියක් තිබයදී  සැතක්ම හමාරක කිරීම නිසා මාස ගණනක් අධික වේඳ නාවෙන් පීඩා විඳි 28 හැවිරිදි මවක්   යන්තමින් ජීවිතය බේරාගෙන තිබේ .

මෙම සැත්කමින් පසු බිරිඳ දිගින් දිගටම උඳ රයේ වෙඳ නාවෙන් පසු වු බවත් ඒ නිසා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර  කරණු ලැබු එන්ඩෝස්කොපි පරික්ෂණයේ දි ඇගේ ගුඳ මාර්ගයේ තිබි ග්ලොස් ගුලියක් සොයා ගත් බවත් එම සිද්ධියට මුහුණ දී ජීවිතය බේරාගත් කාන්තාවගේ සැමියා වූ  ශ්‍රිමාල් ගුණසේකර ලංකා නිවුස්ලයින් වෙත කීවේය.

ඔහු මේ පිළිබඳ ව  අගෝස්තු මස 03 වැනි දින ගාල්ල පොලිසියේ  සුළු පැමිණිලි අංශයේ සි.අයි.බි (02) 117/11 යන අංකය යටතේ පැමිණිල්ලක් කොට තිබේ.    පීඩාවට පත්වූ කාන්තාව වන 28 හැවිරිදි පවිත්‍රා සුභාෂණිඳ  සිද්ධිය සම්බන්ධව කට උත්තරයක් ලබා  දී තිබිණි. ශ්‍රීමාල් ගුණසේකර කී කතාව මෙසේය.

අප පදිංචිවෙලා ඉන්නේ මාරඹ අකුරැස්සේ. මගේ බිරිඳ  ජනවාරි මසයේ, ගැබ්ගත්තා. බිරිඳ ට බඩේ අමාරුවක් තිබුණා. එක දවසක් බිරිඳ ට අමාරුවුනා. අකුරැස්ස දේශීය වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහු කිවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වෙන්න කියලා. ජනවාරි මසයේ අන්තිමේ  කරාපිටිය රෝහලට ඇතුළත් කළා.  ඉන්පසු බිරිඳ   කරාපිටිය රෝහලින්  මහමෝදර මාතෘ රෝහලට මාරු කළා.  බිරිඳ ගේ පැලෝපීය නාලවල වතුර ගෙඩි වගයක් තියෙනවා. ශල්‍ය කර්මයකින් ඉවත් කරන්න ඕන කියලා කීවා. බබාට කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා කිවා. අපි කැමතිවුනා සැත්කම කරන්න. පෙබරවාරි මාසයේ මුල් සතියේ  පමණ සැත්කම කළා. නමුත් බිරිඳ ගේ බඩේ අමාරුව හොඳ  වුනේ නැහැ.

පස්සේ අපි  වාට්ටුව භාර  හිටපු වෛද්‍යවරයාට හා ප්‍රසව හා නාරිවේඳ  පිළිබඳ  විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. බාබාට කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා කිවා. ගැබ්ගෙන මාස 04කට පමණ පසු බිරිඳ ගේ වෝටර් බෑග් එක පුපුරලා රුධිරය වහනය වෙන්න පටන් ගත්තා. පස්සේ නැවත මහමෝදර මාතෘ රෝහලට ඇතුළත් කළා. ගබ්සාවක්  වෙලා බාබා නැතිවුනා. පස්සේ නැවත ගෙදර ආවා. එත් බඩේ අමාරුව විටින් විට තිබුනා. පැලෝපීය නාලයේ අනික් පැත්තෙත් වතුර ගෙඩි තියෙනවා. එවා ඉවත් කරන්න ඕන කියලා කීවා. පසුගිය වෙසක් පෝය දින බිරිඳ . නැවත මහ මෝඳ ර රෝහලට ඇතුළත් කළා. එහිදී  ස්කෑන් කරලා කිවා වතුර ගෙඩි උඩට ගිහින් තියෙන්නේ  සැත්කමක් කරන්න ඕන නැහැ කියලා.

ඒත් බිරිඳ ගේ බඩේ අමාරුව හොඳ  වුනේ නැති හින්දා කොළඹ නගරයේ පුද්ගලික රෝහලකදි විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. මාසයකට විතර බෙහෙත් දුන්නා. නමුත්  බඩේ අමාරුව  වෙලාවකට අඩුවෙනවා. වෙලාවකට වැඩිවෙනවා. මේ ගැන අපි ඒ වෛද්‍යවරයාට කිවා. ඔහු කිවා එන්ඩොස්කොපි   පරික්ෂණයක්  කරන්න ඕන කියලා. මේයාගේ එනඩෝසකොපි එක කරන්න පැය දෙකක් විතර ගියා. එම පරික්ෂණයේදි තමයි හසුවුනේ අඟල් හයක් විතර මහත ගෝස් රීල් එකක් බඩේ තියෙනවා කියලා. විශාල ගෝස් ගුලියක් තමයි තිබුණෙ..

එන්ඩොස්කොපි පරික්ෂණ දෙකක් කරලා තමයි  ගෝස් ගුලියක් තියෙනවා කියලා අනාවරණය කරගත්තේ .පසුව සැත්කමක් කරලා ඒ ගෝස් ගුලිය එළියට ගත්තා. පැලෝපිය නාලයේ  වතුර ගෙඩි ඉවත් කිරිමේදි කරපු සැත්කමේදි ගෝස් කැබැල්ල  බඩ ඇතුළට යන්න ඇති බවට අපි සැකකරණවා. ගිය ඉරිදා තමයි බිරිඳ  ඒ පුද්ගලික රෝහලේ ඉඳලා ගෙදර ආවේ.

( ගාල්ල ලලිත් චාමින්ඳ  සහ එස්.කේ කළුආරච්චි)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.