සැමට පොදු සමා නැහැ- විජේදාස රාජපක්ෂ යාපනයේදී

Wijayadasa-Jaffna (1)

යාපනයට ගිය  අධිකරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ  කියා සිටියේ සියලු දේශපාලන සිරකරුවන් ට පොදු සමාවක් ලබා දිය නොහැකි බවයි.

බරපතල චෝදනා ඇති සැකරුවන් හට නඩු පැවරීමට සිදුවෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව  බරපතල චෝදනා ගොනු කිරීමට තරම් විශ්වසනීය සාක්ෂි  නැති සිරකරුවන් නිදහස් කර යැවිය හැකි බව ඇමතිවරයා  කියා ටියේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ යාපනයේ මාධ්‍යවේදීන්  ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ නඩු පවරා ඇති චුදිතයන් ගේ නඩු විභාග කඩිනම් කිරීමටත් පියවර ගන්නා බවයි.

මේ අතර වාරේ පොදු සමාවක් ලබා නොදුන්නොත් නිදහස හෝ  මරණය දක්වා උපවාසයක් නොවැම්බර් හත් වැනිදා යළිත් ආරම්භ කරන බව දෙමළ දේශපාලන සිරකරුවන් ජනාධිපතිවරයාට

ලිපියකින්දැනුම් දී තිබේ.

දේශපාලන සිරකරුවන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත  දැන්ව ඇත්තේ  පොදු සමාවකින් මිස ඇප ලබා බන්ධනාගාරවලින් පිටව යාමේ කැමැත්තක්  තම තුල නැති බවයි.

උපවාසයේ යෙදී තමන් මිය ගියහොත්, සිරුරේ ඉන්ද්‍රිය සුදුස්සන්ට ලබා දීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් භාර ගත යුතු බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් ඔක්තෝබර්  12 දා ආරම්භ කළ මාරාන්තික උපවාසය අත් හිටවුයේ මේ  මස හත් වැනි දිනට පෙර විසැඳුමක් ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු  වීමෙන් අනතුරුවයි.

 

 

 

[vsw id=”/NJ43ayvTpk4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.