සැමුවෙල් – වෝන් වෛරය

Sam-Warne2016 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී  තරගයේ වීරයා වු මාලන් සැමුවෙල් තරගයේ වීරයා සම්මානය අතට අරන් යම් දෙයක් කිව්වා. ඒක අපි හැමෝටම එච්චර ගානක් වුණේ නැහැ. හැබැයි ඒ කිව්වේ ඔහුගේ හිතේ තිබුණ ලොකු තරහක්..

තරගයේ වීරයා සම්මානය අතට අරන් මාලන් සැමුවෙල් කිව්වේ “මේ කුසලානය ශේන් වෝන්ට”කියලයි..

2013න් පටන් ගන්න ඔහුන්ගේ යුද්ධය අද වෙනතුරුත් තියෙනවා.. එදා ඉඳලා මාලන් සැමුවෙල් ක්‍රීඩා කරන විලාශය ගැන ශේන් වෝන් දැඩි ලෙස විවේචනය කරන්න පටන් ගත්තා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ කොදෙව්වන් ඉන්දියාව සමඟ පැවති තරගයේදී සැමුවෙල් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියා. ඒ අවස්ථාවේ විස්තර විචාරක වෙලා හිටියේ ශේන් වෝන්. ඔහු සැමුවෙල් ඉතා දුර්වල ක්‍රීඩකයෙක් කියලා හැඳින්වුවා. මේකත් ඔහුන්ගේ වෛරයේ කොටසත් වෙලා තියෙනවා.

කොහොම හරි සැමුවෙල් හැමදේකටම උත්තරයක් දෙන්න ඊයේ සමත්වුණා. ඒ ඔහු තරගයේ වීරයා වෙමින්. ඒක තමා ඔහු ඒ කප් එක ශේන් වෝන්ට කියලා කිව්වේ. මේක ප්‍රසිද්ධියේ ශේන් වෝන්ට කණට ගැහුවා වගේ වැඩක්…ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ කප් එක හැමෝටම පෙන්න පොළොවේ ගැහුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.