මෛත්‍රී පැරිසියේ රහසිගත හමුවක

meeting XL
තෝරා ගත් පිරිසක් පමණක් රහසිගතව සහභාගී කරවා ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හදිසි හමුවක් පැවැත්වීමට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා ඊයේ රාත්‍රියේදී කටයුතු කොට තිබේ.
පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සලසා දීම සඳහා  තානාපති කාර්‍යාලය විසින් කල් ඇතිව සංවිධානය කර තිබූ හමුව හදිසියේ අවලංගු කිරීම සම්බන්ධව මීට පෙර පළ වූ ප්‍රවෘත්තිය නිවැරදි නොවන බවට පෙන්වීම සඳහා  මෙම හදිසි හමුව රහසිගතව සැළසුම් කිරීමට සිදු වූ බව තානාපති කාර්‍යාලීය ආරංචි මාර්ග පවසයි.
පාලනය කර ගත හැකි පිරිසක් 
තානාපති කාර්‍යාලය විසින් මීට පෙර සංවිධානය කර පසුව අවලංගු කළ හමුවට සහභාගිවීම සඳහා පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පන්සියයකට අධික පිරිසක් ඉල්ලුම් කර තිබේ. කෙසේ වෙතත් විනාඩි දහයකට පමණ සීමා වූ මෙම හදිසි හමුවට සහභාගි වන්නේ කවුරුන් ද යන්න තිරණය කිරීම තානාපතිවරයා විසින් පුද්ගලයන් තිදෙනකුට පැවරූ බවද, ජනාධිපතිවරයා අසීරුවට පත්වන ආකාරයේ ප්‍රකාශ හෝ ප්‍රශ්න ඉදිරිපත් නො කරන පිරිස් ඊට සහභාගී කරවා ගැනීමේ වගකීම අදාල පුද්ගලයන් තිදෙනාට පැවරූ බවද තානාපති කාර්‍යාලීය ප්‍රකාශකයා  කියා සිටී. ඒ අනුව අදාල පුද්ගලයන් තිදෙනාට පාලනය කර ගත හැකි පිරිසක් පමණක් මෙම හමුවට සහභාගි වී තිබේ.
z_p02president-a
ජනාධිපතිවරයා හමුවූ පිරිස කිසිදු වැදගත් දේශපාලනික ප්‍රශ්නයක් මතු කර නොමැති අතර, බොහෝ දෙනා දැඩි උනන්දුවක් දක්වා ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සිට ඡායාරූප ගැනීමට පමණක් බවද තානාපති කාර්‍යාලීය ප්‍රකාශකයා පැවසීය.

ශ්‍රී ලංකාවේ රජයට එල්ලවී ඇති චෝදනා වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රංශයේ දී ශ්‍රී ලාංකිකයින් අමතා කියා සිටියේය. බේ.

ජගත් කාලගුණ  විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති හමුවකදී “අපිට එල්ල වෙලා තියෙන චෝදනා වලින් නිදහස් වෙන්න  අපිට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි” කියා පැවසීය.

[vsw id=”/4o4mBWrWzSI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.