සිර ගෙදර සිට කළ කුඩු ජාවාරම හෙළිවේ

drugs in jailහෙරෝයින් මත්ද්‍රව්‍යය අඩංගු පැකට් 255 ක් සමඟ පුද්ගලයින් 12 දෙනකු කටුගස්තොට නගරයේදී මහනුවර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය මගින් පෙරේදා (01) අත්අඩංගුවට ගනු ලැබුවේය. මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකුගේ සහෝදරයකු සහ වරෙන්තු කරුවන් දෙදෙනකුද සැකකරුවන් අතර වේ.

දැනට පල්ලේකැලේ  දුම්බර බොගම්බර බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ පුද්ගලයෙක් දුරකතන මගින් එහි සිට මෙම මත්ද්‍රවය්‍ය ජාවාරම දුරකතන මගින් මෙහෙයවා  තිබේ. මේ ජාවාරම ඔහුගේ සහෝදරයා හරහා සම්බන්ධීකරණය කර ඇතැයි පොලිසිය පවසයි.

ජාවාරම් කරුට මත්ද්‍රව්‍යය සපයන පුද්ගලයින් කොළඹ සිට මත්කුඩු රැගෙන විත් කටුගස්තොට රෝහල ආශ්‍රීතව, මහවැල් ගං තීරයේ  හා පාසැල් ආසන්නයේ  රහසිගතව සගවා  දුරකතන මගින් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාට දැනුම්  දෙනු ලබයි. ඔහුගේ තොරතුරු අනුව සහෝදරයා එම ස්ථාන වලින් මත්කුඩු පැකට් ලබාගෙන බෙදාහරින බව පොලීසිය පවසයි.

බන්ධනාගාර ගතව සිටින පුද්ගලයා‍ගේ සහෝදරයා මත්කුඩුත් සමග අත්අඩංගුව ගැනීමෙන් පසු ඔහුගෙන ප්‍රශ්න කරන විට ලද තොරතුරු ඔස්සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන ජාවාරම්කරු සතුව මත්කුඩු පැකට් 235 ක්ද අනෙක් සැකකරුවන් 11 දෙනා සතුව මත්කුඩු පැකට් 20 ක්ද තිබී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.