සිසු ඝාතක පොලිස් නිළධාරීන් යළිත් රිමාන්ඩ්

University Students Jaffnaදිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව වෙඩි තබා ඝාතනය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් පස්දෙනා 18 දා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව දෙසැම්බර් මස 02 දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස දිසාවිනිසුරු එස්.සදීස්වරන් නියෝග කළේය.

සැකකරුවන් වෙණුවෙන් ඇප ලබාදෙන මෙන් නීතිඥවරයෙකු ඉල්ලා සිටියද විනිසුරුවරයා පැවසුවේ ඇප ලබාදීමට තරම් සාධාරණ හේතුවක් ඇප ඉල්ලීමේ සදහන්ව නොමැති බවයි.

මෙම සිද්ධිය සියැසින් දුටු පුද්ගලයින් නොවැම්බර් 18 වෙනිදින අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් මීට පෙර විනිසුරුවරයා නියෝග කළත් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් හා අනෙක් පොලිස් නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ සිද්ධිය සියැසින් දුටුවන් නොමැති බවයි.

මේ නිසා ලබන දෙසැම්බර් 02 දා සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් යාපනය විනිසුරුවරයා පොලීසියට නියෝග කොට තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලද තුන්වෙනි අව්ස්ථාව මෙය වූ අතර සැකකරුවන් අධිකරනය වෙත රැගෙන එන් ලද්දේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.