සීගිරි සිතුවම් අනතුරේ..? බදාම තට්ටුවක් කඩාවැටෙයි.

sigiriසීගිරිය බිතුසිතුවම් ලෙනේ ඉහළ කොටසේ අඩි එක හමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් ඊයේ (28) කඩා වැටී තිබේ.

මේ දිනවල අධික වර්ෂාවක් පැවතිය ද විශාල ජනතාවක් ද සීගිරියට පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම බදාම තට්ටුව කඩා වැටීම මාධ්‍යයෙන් සැඟවීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වූ බව ද වාර්තා වේ. පුරවිධ්‍යා දෙපාර්තමේන්තුව බිතිසිතුවම් ගුහාව බාරව කටයුතු කරයි.

මේ පිළිබඳ අප කළ විමසීමේ දී ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් කොළඹට කතා කර විස්තර දැනගන්නා ලෙසත් එහි ආරක්ෂක නිලධාරීන් සහ ස්ථාන බාර නිලධාරීන් සඳහන් කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.