සුදු වැන් දැක නැති බන්දුල

bandula gunawardana white van

මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළද සුදු වෑන්වලින් පැහැරගෙන ගිය අය ගැන නොදන්නා බවත් සුදු වෑන්වලින් රැගෙන ගිය අය ඇත්‍නම් එක් අයෙකු හෝ පෙන්වන ලෙසත් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (03) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබේ.

මතබේදයට තුඩු දී ඇති බැඳුම්කර සිද්ධිය ගැන දිගින් දිගටම වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල කරද්දී ඉකුත් ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කෝප් වාර්තාවලට සිදුවූයේ කුමක්දැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසා සිටියේය.

එවකට විපක්ෂය ශක්තිමත් නොවූ බව මන්ත්‍රීවරයා කියද්දී මාධ්‍යවේදියා පෙන්වාදුන්නේ ඒ ගැන කතා කළා නම් සුදු වෑන් එකකින් යන්න වෙන බව එවකට විපක්ෂයේ සිටි අය කියන බවයි.

Bandula Gunawardhenaඑවිට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදියාගෙන් ඉල්ලා සිටියේ සුදු වෑන් එකකින් ගෙන ගිය එක් අයෙකු කියන ලෙසයි.

“අපි ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ලෙස මේ රටේ සුදු වෑන්වලින් මිනිස්සු උස්සාගෙන ගියා කියලා දන්නේ නැහැ. දන්නවානම් ඇවිල්ලා කියනවා.”

ඒ ගැන උසාවියේ නඩු කිහිපයක්ම ඇති බවත්, එසේම ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය හා අතුරුදන්වීමට ඒවායේ සම්බන්ධයක් නැතිදැයි මාධ්‍යවේදියා පෙරළා ප්‍රශ්න කර ඇත.

එහිදී මන්ත්‍රීවරයා පැවසා ඇත්තේ ඒ ගැන පරීක්ෂණ කළ යුතු බවය. මෙය දේශපලන වර්ණ අන්ධ තාවයක් යැයි එතැන සිටි මාධ්‍යවේදියෙක් පැවසීය

මේ වන විට සුදුවෑන් පහර ගැනීම් ගණනාවක්ම අධිකරණයේ විභාග වෙමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.