සෙන්දුරන් ට බැරි වූ සිංහල පාඩම

Senthuran_Rajeswaran_18yrs_110802_200යාපනය සිට වව්නියාව දක්වා දිවෙන බස් රථයකි.

ලගදී වැස්සෙන් තෙත බරි වුනු ගහ  කොළ  කොට කොට යන බස් රථයේ මගී පිරිස දෙස බලාගෙන ඉන්නේ කම්මැලි තාලයෙනි.

ලයිට් කණුවක  ඇලවූ ශෝක  ප්‍රකාශයකි.

සෙන්දුරන් දැල්වූ නෙතින් නිහඬව බලා සිටී.

අපරාද මරණයක් නේද?

මරණය වාර්තා කිරීම සඳහා කෝපායි බලා ගිය වාර්තාකරුවා තමන්ගේ  එහා පැත්තෙන් සිටින්නේ  යාපනේ සිංහල උගන්වන ගුරුවරයෙක්  බව වාර්තාකරුවා දැන් සිටියත්  සෙන්දුරන් මිය යන්නට දිනකට පෙර ඔහුට සිංහල අකුරු කරවන්නට මේ කෙසඟ සිරුරක් හිමි තරුණයා ඔහු සොයා ගිය බව වාර්තාකරුවා දැන් සිටියේ නැත.

RS funeral 1

සිංහල ගුරුවරයා වර්තකරුවට කියූ කථාව වව්නියාවට පැමිණි වාර්තාකරුවා අප වෙත එවුවේය. මෙය බෙහෙවින්ම

අසම්පුර්ණ කතාවක් වන හෙයින් ප්‍රධාන මාධ්‍ය ධාරාවට ඕනෑ වුනේ මනාව නිමා වූ වාර්තා පමණි සෙන්දුරන් ගේ කථාව එවනක් නොවේ.

එහෙයින් ඒ කථාව අප කරා ලඟා  විය. මෙයයි ඒ

සෙන්දුරන්ගෙන් උදුර ගත්ත දේ

මම සෙන්දුරන්ව ඉස්සෙල්ලම දැක්කෙ ඊයෙ හවස (26). ඒ ඔහුගෙ නිවසෙදි. පුරුදු විදිහට මම ගියේ ඔහුගෙ සහෝදරියන් තුන් දෙනාට  සිංහල උගන්වන්න. ඒ මම ඒ ගෙදරට ගිය දෙවෙනි දවස. ඔහුගෙ තාත්ත ගොවියෙක්. අම්මා ගෘහණියක්. අක්කා උසස් පෙළ හදාරලා නිවසට වී ඉන්නවා. නංගිලා දෙන්නාත් මල්ලිත් තවම පාසල් යනවා.

25 වැනිදා සවස සඳ එළියේ මම එහි යද්දි මුළු මිදුලත් නිවස අවට කෙසෙල් වතුත් පහන් ආලෝකයෙන් බැබලෙමින් තිබුණා. ඒ එදින ”කාර්තිහෛ දීපම්” නමැති හින්දු ආගමික වතාවත් දිනයක් නිසා. ඔහුගේ ස‍හෝදරියන් තුන් දෙනාම උද්යෝගයෙන් සිංහල ඉගෙනීම ඇරඹුවා. පංතිය අතරමැදදී මම පවුලේ විස්තර ඇහුවා. පොඩි මල්ලී පෙනෙන්නට හිටියත්  ලොකු මල්ලී නැත්තේ ඇයි කියා වැඩිමල් දැරියගෙන් ඇහුවා. ඔහු කෙසෙල් වත්තේ පහන් දැල්වීමෙහි යෙදී සිටින බව අසන්නට ලැබුණා. එදින මම ඔවුන්ගේ නිවසින් සමුගෙන ආවේ ඊළග දවසේත් පංතියට එන බවට පොරොන්දු වෙමින්.

දේශපාලන සිරකරුවන්

funeralbb

පසුදින සන්ධ්‍යාවේ මනිවසට එකතු වුණ නෑදෑයින්ගෙ මුහුණු ශෝකයෙන් බර වෙලා. වයස අවුරුදු 86 ක් වන ඔහුගෙ පිය පාර්ශ්වයෙ ඥාති සීයා කෙනෙක් ඉංග්‍රීසියෙන් මට කිව්වා “දිස් ඉස් අ ටෙරිබල් ලොස්ට් ‍ෆෝ ද ෆැමිලි” කියලා. ඔහුගෙන් තමයි මම දැන ගත්තෙ සෙන්දුරන් සියදිවි නසා ගත් බව. නමුත් කෝච්චියට පැන්න බව ඔහු කිව්වෙ නෑ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු ලියුවේ යයි කියැවෙන ලිපියක් අන්තර්ජාලයෙන් දැක්කා. “සිරගෙයි දොරටු වැසී තිබියදී  හදවතේ දොරටු සෙන්දුරන් විවර කළේ” යයි දමිළ දේශපාලඥයෙක් ‘තිනක්කුරල්’ පුවත්පතට පවසා තිබුණි. පාසල් සිසුවකුගේ අනාගත ඉරණම තීරණය කරන අධ්‍යාපනය ඔහුගෙන් උදුරා ගෙන දේශපාලන අරමුණු සඳහා යොදවා ගන්නා සංවිධානමය තත්වයක් කවර සමාජයක වුවද තිබේ නම් එය ඉතා ඛේදනීයය.

මිනිස්සු මොකද කියන්නේ?

senthooran_thee_001

මේ කෙටි සටහන කියවීමෙන් අනතුරුව සසල  සිතැතිව වාර්තාකර මිතුරා  ගෙන් සිංහල ගුරුවරයා ගේ දුරකථන අංකය  සොයා ගතිමි.

මේ මරණය ගැන ගමේ මිනිස්සු මොකද කියන්නේ?

මොකුත් නෑ

ඇයි ඒ

දැන් නිශ්බ්දව ඉන්න එක හොඳයි කියල හිතෙනවා ඇති.

දකුණේත් උතුරේත් සමාජ කලි කළහයන් හේතුවෙන් අකල් හි නික්ම යන දරුවන් ගේ දෙමාපියන්ට උරුම වන්නේ

කඳුලේ ශීතල පමණිද?

දුරකථනය විසන්ධි කළෙමි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.