සෙන්පතිවරු සීරුවෙන්

sri-lanka-army--300x168

 

යුද්ධයේ අවසන් අවස්ථාව පිළිබදව  කෙරෙන ජාතික-ජාත්‍යන්තර දෙම්හුම් විමර්ශනයේ ස්වභාවය හරි  හැටි පැහැදිලි නැති හෙයින් ඉහල පෙළේ හමුදා  නිලධාරීන් නොසන්සුන් වී සිටින අතර වාරේ මේ නිලධාරීන් හමුදාපතිවරයාගේ අවසරයකින් තොරව ජනධිපතිවරයා මීගමුවේ හෝටලයකදී හමුවීම පිළිබඳව ඔවුන්ගේ පුද්ගලික ලිපි ගොනුවල අහිතකර සේවා සටහනක් තැබීමට ගන්නා උත්සහයක් පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට සිටී.

 

යුද අපරාධ චෝදනා එල්ලවන සන්නද්ධ සේනා වල ඉහලම නිලධාරීන් පිරිසකගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලා  සිටීමෙන් අනතුරුව නිලධාරීන් අතරේ ඇතිව තිබෙන නොසන්සුන්කමට දේශපාලන මුහුණුවරක් එක වී ඇති බව මධ්‍යවේදීන් පෙන්වා දෙති.

“මේ නිලධාරීන් හමුදාවෙන් විශ්‍රාම ගිය පසු ඔවුන්ට යුද හමුදාවෙන් ලැබෙන ආයතනික ආවරණය හා ආරක්ෂාව නැති වන,” බව මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

 

මීගමුව අවුට් රීච් හෝටලයේ පැවති මෙම හමුවෙන් පසුව හමුදාපති වරයා නිකුත් කළ චක්‍රලේඛයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු කිසියම්ම හෝ ඉහල පෙලේ හමුවීමකට දැනුම් දීමකින් තොරව සහභාගිවීම නිලධාරීන්ට තහනම් කොට ඇත.

දැනට මේජර් ජනරාල් ධුරයේ කටයුතු කරන මෙම හමුදා නිලධාරීන් පිරිස තමන්ට සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

යුද හමුදා සම්ප්‍රදාය අනුව මේජර් ජනරාල් ධුරයේ රාජකාරි කළ හැකි උපරිම කාල සීමාව වසර හතරකි.

වන්නියේ ප්‍රහාරක සේනාංක බාරව සිටි  මෙම හමුදා නිලධාරීන් නියමිත සේවා කාලය අවසානයේ හමුදා සේවයෙන් විශ්‍රාම ගියහොත් යුද අපරාධ චෝදනා හමුවේ  සාමාන්‍ය පුරවැසියන් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අනාරක්ෂිත තත්වයක් ඇති විය හැකි බවට ඔවුන් වෙතින් බිය පලවී තිබේ.

army-lanka

සේවා දිගුව

 

අනෙක් අතට මේ  සේවා දිගු  ලබා දුන්නොත් ඊළඟ පෙලේ නිලධාරීන්ට උසස්වීම් නොලබාම විශ්‍රාම යාමට සිදුවීම හමුදාව අභ්‍යන්තරයේ නොසන්සුන්තාවට තුඩු දී තිබේ.

 

හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් ජගත් ඩයස්, කාලතුවක්කු බලකායේ අණදෙණ නිලධාරි මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, හමුදා මාස්ටර් මේජර් ජනරාල් කමල් ගුණරත්න, යාපන ආඥාපති  මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, ආරක්‍ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා බලයලත් නිලධාරි මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා, හමුදා මුලස්ථානයේ මේජර් ජනරාල් ජගත් ද අල්විස් , 51 වැනි සේනාංකයේ අණදෙණ නිලධාරි මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා සහ මේජර් ජනරාල් චාගි ගාල්ලගේ මෙම හමුවට එක්වූ හමුදා නිලධාරීන් ලෙස ‘සන්ඩේ ටයිම්ස්’ විසින් නම් කොට තිබුනි.

මේ තාක් මෙම නිලධාරීන් පුවත ප්‍රතික්ෂේප කොට නැත අනෙක් අතට ජනධිපතිවරය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළබඳව  තිරව යමක් ප්‍රකාශයට පත් වී නැත.

අනෙක් අතට විමර්ශන කාර්ය තමන්ගේ පරිපාලනයෙන් පරිබාහිරව පවතින විම්ර්ශකයින්ට භාර දුන් පසු ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයාට කිසිත් කල නොහැකි වෙනු ඇත.

මේ හේතුවෙන්  ඉහල නිලධාරීන් රැකෙන පරිදි යම් කිසි සම්මුතියක් ඇතිකරගෙන විමර්ශන අරම්භවීමට ඉඩ තිබේ.ඒ අනුව ‘පහත් තැනින් ගලා යයි ජලේ’තියරිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.