සේනාධිපති ප්‍රශ්න කෙරේ

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් තමා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකුට අපහාස කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා, සේනාධිපති මහතාට අද (8දා) පෙරවරුවේ රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති සහ රහස් පොලිස් අධ්‍යක්ෂවරයාගෙන්ද ඉල්ලීමක් කොට තිබිණි.

උපන්දින දා අල්ලස් කොමිසමේ !

මේ අතර, නිශ්ශංක සේනාධිපති මහතාගේ උපන් දිනය දී තිබු ඊයේ (07) ද අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් ඔහුව ඊයේ උදැසන එම කොමිසම හමුවට කැඳවා සවස් වන තුරුම කට උත්තරයක් ලබා ගෙන තිබිණ.

මේ අතර රක්නා ලංකා සමාගමේ අවි ගනු දෙනුවලට අදාළව ඒ ආශ්‍රිත කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් ද දැනුම්දීමක් කර ඇත.

ඉදිරි දින කිහිපයේදී ඔහු යළි බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.