සේපාලි මායාදුන්නේ ගේ-මහා සාමි

සම්මාන නොලැබෙන පොත්වලට සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ

සේපාලි මායාදුන්නේ

“මහා සාමි” නවකතාවට පසුබිම් වන්නේ නරේන්ද්‍රසිංහ රජ සමයෙහි ශ්‍රී ලංකාවේ සමාජයීය හා දේශපාලනික තත්ත්වයයි. එය තත්කාලීන ලංකාවේ සමාජ ආර්ථික හා දේශපාලන සමාජයට කොතරම් දුරට සමීප වන්නේ ද යන කාරණය පාඨක හදවත්වලට සිහි කැඳවා දීමට මා අදහස් කළා. මට වුවමනා වුණේ ඒ කාලෙත් මේ කාලෙත් ඒ තරම් ලොකු වෙනසක් නෑ කියන එක පාඨකයන්ට පෙන්වා දීමටයි. නවකතාවක් කියැවීමෙන් ලබන ආනන්දයට වඩා එය ප්‍රඥාවෙන් එය කෙළවර වනු දැකීමටයි මා අදහස් කළේ. ‍

මෙය ඓතිහාසික නවකතාවක් වුණත් මා ලේඛනයේදී භාවිත කළේ උත්තම පුරුෂ භාෂා ශෛලියයි. ගණින්නාන්සේ වටා කතාව ගොඩ නැ‍ඟෙන හෙයින් ඒ ශෛලිය භාවිත කිරීම මට පහසුවක් වුණා.

මෙවර අවසාන වටයට මේ කෘතිය නිර්දේශ වීම මට අමුතු දෙයක් නොවෙයි. මින් පෙර හැම සම්මාන උලෙ‍ළකදීම මගේ නිර්මාණ මුල් පොත් 15 අතර තිබුණා. ඒ අතරින් කිහිපයකට සම්මානත් හිමි වී තිබෙනවා. සම්මාන බලාගෙන ලිවීම මගේ සිරිත නොවෙයි. සම්මානයක් ලැබීම හෝ ඇගැයීමකට ලක්වීම ලේඛකයකුට යම් දිරියක් ලබා දෙන බව සැබෑවක්. නමුත් හැම විටම එම සම්මාන ලැබෙන නොලැබෙන පොත්වලට සාධාරණය ඉෂ්ට වෙන බවක් පෙනෙන්නේ නෑ.

සම්මාන ලබන හෝ සම්මාන සඳහා නිර්දේශ වන පොත් සියල්ලම විශ්වවිද්‍යාල හා විද්වතුන් හරහා සාධාරණ විවේචනයකට හෝ සාකච්ඡාවට බඳුන් විය යුතුයි. තමන් ලියන පළමු කෘතියටම සම්මානයක් ලබා ගන්නා ඇතැම් ලේඛකයකු හෙට වන විට අන්‍යයන්ගේ නිර්මාණ විවේචනයක කරමින් විචාරකයකු බවට පත් වෙනවා. අද අපේ රටේ විචාර කලාව එහෙමයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි.

සම්මාන උලෙ‍ළකින් පසුව සාහිත්‍ය ක්ෂේත්‍රය නිහඬයි. හරිනම් වසර පුරාම ඒ වසරේ බිහි වූ නිර්මාණ පිළිබඳ සාධාරණ ආකාරයේ විද්වත් කථිකාවතක් ගොඩ නැ‍ඟෙන්නට ඕනෑ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.