හදුන්ට එජාප මන්ත්‍රීවරුන්ගෙන් බාධා…………

sunil-handunneththiමහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමර්ශනයට අදාළව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සකස් කළ වාර්තාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම විරෝධය පළ කිරිම නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණිමට නොහැකි වි ඇත.
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ මෙම වාර්තාව ලබන 25 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් කමිටුවේ අවසන් එකඟතාවය ලබා ගැනිම සඳහා කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදි ඊයේ පෙරවරු 11.00 ට රැස්ව තිබේ. කමිටු සාමාජිකයන් දිගින් දිගටම කළ සාකච්ඡා හේතුවෙන් කොප් කමිටුව ඊයේ සවස 6.00 දක්වා පැවැත්වී ඇත. කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා විමර්ශනයේදි ලද සාක්ෂි හා කමිටුවේ බහුතර මතය අනුව වාර්තාවක් සකස් කළ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡා කර තිබේ.
එහිදි එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් වන සුජිව සේනසිංහ මහතා සහ අජිත් පොර්රා මහතා එම වාර්තාවේ පිටුවෙන් පිටුව ගෙන තර්ක කරමින් දැඩිව පවසා ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහතා බැදුම්කර වෙන්දෙසිය නිසි පරිදි පවත්වා ඇති බවකි. එම නිසා ඔහු මේ සිද්ධියට කිසිසේත් වැරදි කාරයෙකු නොවන බවද මෙම ඇමතිවරුන් දෙපල දැඩිව පෙන්වා දි ඇත.  එයට එක් වෙමින් ඇමති හර්ෂ ද සිල්වා මහතා ද තර්කානුකඣල අයුරින් පෙන්වා දී ඇත්තේ එම වෙන්දේසියේදි අර්ජුන් මහේන්ද්‍රන් මහතා වරදක් කර නැති බවකි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ මතය වී ඇත්තේ ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ සිද්ධියට වරදකරුවෙකු වන බවකි.
මේ තර්ක විතර්ක හේතුවෙන් වාර්තාව ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිය නොහැකි විම නිසා කෝප් කමිටුව යළි අද (21) පෙරවරුවේ යළි රැස්වුනේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.