හම්බන්තොට ජනතාව අක්කර 15000 නිජබිම වෙනත් රටකට විකුණන්න දෙන්නෙ නෑ… මහින්ද රාජපක්ෂ

Mahinda Rajapaksaහම්බන්තොට අක්කර පහලොස් දහසක් සහ මත්තල ගුවන් තොටුපෙල මෙන්ම හම්බන්තොට වරාය ද එක් රට එක් සමාගමකට ලබාදිමෙන් රටේ ස්වාධිනත්වයට හා ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් යැයි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදි ඊයේ (16) ප්‍රකාශ කළේය.

අක්කර 530 ක් වු කටුනායක නිදහස් වෙළෙද කලාපය, අක්කර 450 ක් වු බියගම නිදහස් වෙළෙද කළාපය හා අනෙක් ආයෝජන කලාප අක්කර 400ට අඩු බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා රටේ තිබෙන ආයෝජන කළාප ‍ දොළහම රජය සතු බවද කිවේය.
එම අයෝජන කලාපද මෙතෙක් මුළුමනින්ම පිරිගොස් නැති තත්ත්වයක් තිබියදී එක් රටක එක් සමාගමකට වරාය, ගුවන් තොටුපොල හා අක්කර පහලොස් දහසක් ලබා දෙන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මේක සාධාරණ ද?. මේවා අපේ රටේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ…. ඒ රටවල ආයෝජකයන්ට පහසුකම් දෙනවා…. හම්බන්තොට ජනතාව අක්කර 15000 ක නිජබිම වෙනත් රටකට විකිණිමට ඉඩ නෙදෙන බව මට විශ්වාසයි යැයිද ඔහු කිවේය. දිගුකාලින මිත්‍රත්වය පළුදු නොකර පවත්වා ගැනිමට කටයුතු කිරිමට මම ගැණුම්කරුවන්ගෙනුත් ඉල්ලා සිටිනවා යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අය වැය දෙවනවර කියවිමේ විවාදයේ හතර වෙනි දිනයේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.