හම්බන්තොට ලාදුරු වැඩි නැතිලු

Lepra-patient2හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ ලාදුරු රෝගීන් ව්‍යාප්ත වීමේ වැඩි වීමක්‌ සිදු ව ඇති බවට පසුගිය සමයේ ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව පවසයි.්‍

ඔහුට අනුව 2015 වසරේ වාර්තා වූ රෝගීන් 108 දෙනා අතරින් හඳුනාගත් නව ලාදුරු රෝගීන් සංඛ්‍යාව 88 දෙනෙකි. ඉන් 5 දෙනකු වයස අවුරුදු 15ට අඩු ළමයින් ය. මේ අතර බෝ වන වර්ගයේ ලාදුරු රෝගීන් 44 දෙනකු හඳුනාගෙන ඇතැයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ කාර්යාලයීය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කර ඇති වාර්තාවෙහි දැක්‌වේ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තිස්‌සමහාරාම කලාපයෙන් පසුගිය වසර තුළ දි වැඩි ම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත. පසුව අම්බලන්තොට, හම්බන්තොට, සූරියවැව සහ බෙලිඅත්ත සහ අඟුණුකොළපැලැස්‌ස ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වී ඇත.

මේ වසරේ වාර්තා වූ රෝගීන් ගෙන් වැඩි ම සංඛ්‍යාවක්‌ වලස්‌මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයෙනි. මීට අමතරව ලුණුගම්වෙහෙර, සූරියවැව, තංගල්ල, කදුරුපොකුණ, අඟුණුකොළපැලැස්‌ස, කාරියමඩිත්ත ආශ්‍රිත ව ද රෝගීන් වාර්තා වී ඇත.

මෙසේ වාර්තා වන රෝගීන් ප්‍රධාන වශයෙන් ම හම්බන්තොට මූලික රෝහලේ චර්ම රෝග අංශය වෙත යොමු කෙරෙන බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවසී ය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍යය සංවිධාන වාර්තාවලට අනුව  පසුගිය වසර වනවිට  ලාදුරු රෝගය වැඩිම රටවල් අතර 6 වන ස්ථානයේ සිටියේ ලංකාවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.