හමුදාවේ 14 රිමාන්ඩ්

Rimandදිනසේන රතුගමගේ
යාපනය, අච්චුෙවිලි ප‍්‍රදේශයේදි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වු යුධ හමුදා සාමාජිකයින් 14 දෙනෙකු එළැඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මහේස්ත‍්‍රාත් එස්.සදීශ්කරන් මහතා (07දා) නියෝග කළේය

අච්චුෙවිලි පොලිසිය පැවසූවේ 1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප‍්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ජෙයසීලන් නමැත්තෙකු හා නාගමනි සෞන්දරරාජන් නමැති පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වීමේ නඩු විභාගය සම්බන්ධයෙන් ලද නීතිපති උපදෙස් මත සිද්ධියට සම්බන්ධ යුධ හමුදා සාමාජිකයින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට සිදු කළ නියෝගයක් මත යුධ සාමාජිකයින් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමේදි අදාළ පිරිස බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි.

1998 වසරේ අච්චුෙවිලි යුධ හමුදා කදවුර වෙත අනුයුක්තව සේවය කළ යුධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු වෙත අදාළ අතුරුදහන්වීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකොට පවති.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි යුධ හමුදා සාමාජිකයින් 14 දෙනෙකු නැවත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

සිද්ධියට සම්බන්ධ බැව් පවසන යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය යුධ සමයේ ජිවිතක්ෂයට පත්ව සිටින බැවින් සිද්ධිය සම්බන්ධ යුධ හමුදා සාමාජිකයින් 14 දෙනෙකු අධිකරණය වෙත ඉ`දිරිපත් කරනු ලැබීය.

අතුරුදහන්වු පුද්ගලයින්ගේ ඥාතීන් විසින් යුධ හමුදා සාමාජිකයින්ට එරෙහිව නඩුවක් ගොනුකොට තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය, අච්චුෙවිලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.