හිලරි ගෙන් රනිල්ට පාඩම් කීපයක්

hillary - ranilරනිල් වික්‍රමසිංහ 2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බව රහසක් නොවේ. සිහින දැකීම වරදක් නොමැති අතර ගැටලුව වන්නේ සිහිනය හුදු සිහිනයක් වුවහොත් පමණි.

ජනපති සිහිනය සැබෑ කරගැනීමට නම් මේ දිනවල පරාජයේ තිත්ත කසායේ රස විදින හිලරි ගෙන් පාඩම් කීපයක් ඉගෙන ගත හැකිය

  1. හිලරි මුලදී හිතුවේ ඇයට ප්‍රබල ප්‍රත්වදියෙක් නැති බවයි.ට්‍රම්ප් පාරට බැස සියළු වෙර යොදා තමන්ට අවාසිදායක ප්‍රාන්ත කර යද්දී හිලරි තරමක් සංසුන්ව ප්‍රචාරණ කටයුතු මෙහෙය වුවාය. ඇය ඉබ්බා සහ හාවා රේස්දිවූ හැටි අමතක කළාය. රනිල් බෙදුණු විපක්ෂයක් තිබීම හේතුවෙන් පහසු ජයක් ප්‍රර්ථනා කරයි නම් එය මෝඩ කමකි. මක්නිසාද යත් මේ වන විටත් විපක්ෂ බෙදුමින් ප්‍රයෝජන ගැනීමට වෙනත් පිරිස් විකල්ප සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටිති. දෙපසින්ම බෙදුණු අය එක් කඳවුරකට ගෙන බලය අත්පත් කරගැනීම එක් සැලසුමකි. අනෙක මහින්ද ගේ අතට වැඩේ ගැනීමයි. මේ කොයික වුනත් රනිල් ගේ සිහිනයට බාධාවකි.
  2. ට්‍රම්ප් මුලික වශයෙන් ආමන්ත්‍රණය කළේ සුදු අධිපතිවාදයටයි. හිලරි වඩාත් සංහිඳියාව කෙරේ යොමු වුවාය. රනිල්ට එරෙහි පිළ නොමඳව ජාතිවාදය භාවිතා කරනු ඇත.
  3. හිලරි කතා කළේ අනාගතයේ ගොඩ නගන්නට යන ලෝකයයි ට්‍රම්ප් කතා කළේ හෙට අනින්ද්දා කරන්නට යන වැඩ ගැනය. රනිල් කතා කරන්නේ 2020 ඒක පුද්ගල අදායම වැඩි කරන එක ගැනය. වහාම දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ නැති නම් ඒ වන විට රනිල් ජනතාවට එපා වී හමාරය. කොටින්ම කියතොත් ලොරි ටෝක් ජනතාවට දිරවන්නේ නැත.
  4. හිලරි නෝනා ජන මාධ්‍ය සමඟ මීට පෙර කොකු කීපයක් දාගත්තාය. වික්‍රමසිංහ මහත්තයාද සැලසුම් සහගතව මාධ්‍ය කොකු දමාගනී. දැන් තමන්ගේම මාධ්‍යයක් ගොඩ නගා ගැනීමට උත්සාහ දරමින් සිටී. තමන්ගේම මාධ්‍යයක් තිබුනත් සෙසු මාධ්‍ය සමඟ කොකු දා ගැනීම නිවනට හුරු නැත.
  5. ට්‍රම්ප් බිමටම බැස්සේය, කොල්ලෝ කෙල්ලෝන්ට හිතට දැනෙන්න කතා කළේය. හිලරි ගේ ප්‍රවේශය ට්‍රම්ප්ට සාපේක්ෂව විවත් විය. රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රවේශය තරමක අපොද්ගලික එකක් සේ දැනුනත් ඔහුටත් ඇඟට දැනෙන්න කථා කළ හැකිය. එහෙත් ඒ ගුණය ප්‍රගුණ කළ යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.