හෙට මහනුවර අවුලක… පොලිසිය කියයි

හෙට (28)  මහනුවරදී ආරම්භ වීමට සැලසුම් කර ඇති ජන සටන පා ගමන මහා ව්‍යසනයක් වන ලකුණු පහළ වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ බවට වන වාර්තා දෙපාර්ශවයෙන්ම ලැබෙමින් ඇතැයි පොලිසිය සදහන් කරයි.

ජන සටන පා ගමනට මහා සංඝරත්නය ඇතුළු ලක්ෂයකට අධික පරිසක් ගෙන්වීමට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මහින්ද හිතවාදී කණ්ඩායම කටයුතු කරමින් හිදී. ඒ සදහා පෙළ ගැස්මක් සිදුවන ආකරය බිම් මට්ටමේ සිට වාර්තා වේ. මේ වනවිට ආණ්ඩුව පිළිබද අතිශය බහුතරයකගේ ඇති කලකිරීම  මේ පාගමනත් සමග බලවේගයක් ලෙස තමන්වෙත නතු කරගැනීමට ඇති හැකියාව පිළිබද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම් විශ්වාසය තබා ඇත.

මේ සමගම එක්සත් ජාතික පක්ෂය පාද යාත්‍රාව පැවැත්වෙන මහනුවරත් පාද යාත්‍රාව ගමන් කරමින් සිටිනා මග දෙපසත් පේරාදෙණියට එන තෙක් ස්ථාන 03 ක ජන රැළි BADAසංවිධානය කර තිබේ. ගැටුමක් ඇති කරගැනීමේ අභිලාෂය සහිතව සංවිධානය වී අැති මෙම ජන රැළි සදහාද විශාල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් සහභාගී කරවීමට නියමිතය.  මේ ගැටුම් ගැන දැනටමත් දැනුවත්ව සිටිනා පොලිසිය පා ගමනට මෙන්ම මේ ජන රැළිවලට විරුද්ධව උසාවි වාරණ නියෝගයක් ගැනීමට කටයුතු කරමින් සිටී.

එහෙත් උසාවි නියෝග කඩ කරමින් ගැටුමක් ඇතිකරගැනීමේ අභිලාෂය සහිතව පා ගමන එන්නට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි පැවසෙන හෙයින් අර්බුදය ඇතිවීම නොවැලැක්විය හැකි තත්වයක් වී ඇත. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ ව්‍යවස්ථා මර උගුලින් රට ගලවා ගැනීමට තමන් මගට බැස ඇති බවය.

එහෙත් ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ පා ගමන් යන්නට කිසිම පදනමක් ඒකාබද්ධ විපක්ෂයට නොමැති බවය. ව්‍යවස්ථා සංශෝධනයක් සදහා යෝජනා ඉදිරිපත් කරන්නට ආරාධනා කළ විට  ඕනෑම අයෙකුට ඕනෑම යෝජනාවක් කළ හැකි නමුත් එය ව්‍යවස්ථාව නොවන බවයි. ව්‍යවස්ථාවේ වගන්තියක් තබා වචනයකුදු වෙනස් කර නැතිබව ආණ්ඩුව පෙන්වා දෙයි. රජය දියත් කර ඇති වැඩපිලිවෙල අනුව තව වසර තුනක් යනවිට රට ආර්ථික වශයෙන් තීරණාත්මක තැනනකට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂය කියයි. එය රජපක්විෂ හිතවාදීන්ප දන්නා බවත් ඊට පෙර තමන්ට වාසිදායක පරිවර්තනයක් කරගැනීමට ඔවුන් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය කියයි.

එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රී හිතවාදී දේශපාලකයන් කියන්නේ තවම මේ ආණ්ඩුව පිිහිටුවා වසරක් ගතව නොමැති බවය. පුරා වසර 5 ජනවරමක් සහිත තම ආණ්ඩුව දියත් කර ඇති වැඩසටහනේ ප්‍රතිඵල රටට පෙනෙන්නට තව දෙවසරක කාලයක් අවශ්‍ය බවය. හෙළි වීමට නියමිත දූෂණ පිළිබදවන කම්පනය සහිත රාජපක්ෂගේ හා ඔවුන්ගේ හිතවාදීන්ගේ වියරුව විනා වෙනත් තර්කානුකූල පදනමක් මේ පා ගමනේ නොමැති බව ඔවුහු කියති.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.