හෙට සා.පෙ. හි කිසිදු වෙනසක් නෑ.

Sri Lanka AL OL Exam students sitting Education Photo

හෙට (15) දිනයේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විෂයන් කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති කිහිපයක් එක් ව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට දුෂ්කරතා මතුවිය හැකි බව ගුරු සංගම් පෙන්වා දෙයි.

ඒ හේතුව නිසා හෙට (15) දිනයේ දී පැවැත්වීමට නියමිත විභාගය කල් දමන ලෙස ද එම සංගම් විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ව ඉල්ලීමක් ද කර තිබේ.

කෙසේ වුව ද මෙතෙක් විභාගය කල් දැමීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

මේ අතර යෝජිත වැඩවර්ජනය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බලපෑමක් ඇතිවුවහොත් ඒ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සෞන්දර්ය විෂයන් සහ අතිරේක විෂයන් කිහිපයක් හෙට (15) පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.