හෙරොයින් ජාවාරමේ යෙදුනු කතුන් 2ක් රිමාන්ඩ්

Heroin in Braහෙරොයින් මිලිග්‍රෑම් 5,000ක ප්‍රමාණයක් තමන් සන්තකයේ තබාගත් කාන්තාවන් දෙදෙනකු කැලණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම කතුන් දෙදෙනා බොල්ලෑගල හා හෙයියන්තුඩුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර එක් කතකගේ වැඩිමහල් දරුවන් යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී එක් කතක් ඇගේ තනපටයේ හෙරොයින් සඟවාගෙන සිට ඇත.

එම අත්අඩංගුවට පත් කාන්තාවගේ වැඩිමහල් දරුවන් යතුරුපැදි මගින් දිනපතා අවශ්‍ය ස්ථානයට ගෙන‍ ගොස් අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.