හෙළිකොප්ටර් යොදාගෙන නිවන්නට වුණු නකල්ස් ගින්න මස් වැද්දන්ගේ වැඩක්…

nakuls222නකල්ස් රක්ෂිතයට අයත් උඩුදුම්බර කහටගොල්ල හා හසලක යහන්ගල කඳුවැටිය ආශ්‍රිතව පුරා දින 4 තිස්සේ පැතිර යමින් තිබූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර දහසක් පමණ විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.   පසුගිය 8 දා ගින්න ඇරඹුනේ කහටගොල්ල රක්ෂිතයෙනි. මේ ගින්න ඊයේ වනවිටත් පැතිර යමින් තිබිණි.

වියළි කාළගුණික තත්ත්වය හා සුළං හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා සීඝ්‍රයෙන් පැතිර ගියේය.  ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා යෙදවීමටද සිදුවිය.nakals1

මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගය ආසන්නයේ විශාල ගස් ගින්නට අසුවී පිළිස්සී ගියේය.  එම දැවුණු ගස් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවධානමක් ඇතැයි පොලිසිය කීවේය. වන සතුන් දඩයම් කිරීම සදහා මස් වැද්දන් විසින් රක්ෂිතයට ගිනි තැබීම පුරුද්දක් බැවින් මේ එවැනි සිද්ධියක් ප්‍රතිඵලයක් දැයි පොලිසිය විසින් සොයමින් හිදී.

ගුවන් හමුදාව,පොලීසිය,වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (11) වනවිට  ගින්න පැතිර යෑම පාලනය කළ බව මහනුවර ආපදා කළමණාකරණ ඒකකය ලංකා නිවුස් ලයින් වෙත පැසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.