ෆිදෙල් කස්ත්‍රෝ පිළිබඳව ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිදුකල ප‍්‍රකාශයට ලොව පුරා විරෝධය…………….

fidel-castrodonald-trumpඅභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ කුරිරු ඒකාධිපතියෙකු බව අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් සිදුකොට ඇති ප්‍රකාශයට ලොඅව පුරා විරෝධය පළවෙමින් පවතී. කියුබාව, නිදහස හා සමෘද්ධිමත් රාජ්‍යයක් කරා ඉදිරියේදී ගමන් කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

ෆිදෙල් කස්ත්‍රෝ එරට පාලන බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1961 වසරේදී එරට සමග පැවති සබඳතා අත්හැර දැමීමට අමෙරිකාව තීරණය කළේය. කෙසේ වෙතත් පසුගිය වසරේදී අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් යළිත් කියුබාව සමඟ සබඳතා ඇති කර ගැනීමට සමත් වී ඇත.

මීට පෙර ජනාධිපති ජිමී කාටර්ද කියුබාව සමඟ සබඳතාවක් ගොඩ නගාගැනීමට උත්සාසහ කරමින් සිටියේය. එම ප්‍රතිපත්තිය ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී විවේචනයටද ලක් කර තිබුණි.. කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ දෙසැම්බර් 4 වැනිදා මිහිදන් කිරීමට නියමිත අතර, එදින දක්වා එරට ශෝක කාලයක් ප්‍රකාශයට පත්කළ බවයි ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර ඇත්තේ. අභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරා නායකයන් ශෝකය පළකර තිබේ.

ශෝක පණිවිඩ නිකුත් කළ ලොව පුරා රාජ්‍ය නායකයන් පවසන්නේ ලොවටම ආදර්ශයක් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි. ට්‍රම්ප් ගේ ප්‍රකාශය ඉතා අසංවේදී ප්‍රකාශයක් බව ඇමරිකාව ඇතුළතින්ම හඬක් නැගෙන අතර එය රටේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය පිළිබඳව රට තුළ උග්‍ර බෙදීම් වල ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වීය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.