13 දා ඉන්දියන් සාගරයට වැටෙන අභ්‍යවකාශ කසළ උවදුරු විරහිතයි

මෙම මස 13 වැනිදා පෘථිවිය මතට කඩාවැටීමට නියමිත අභ්‍යවකාශ කසළ ගොඩ මගින් පෘථිවියට කිසිදු අනතුරක්‌ ඇති නොකරන බව යුරෝපා ආකාශ නියෝජිත ආයතනය (ESA) පවසයි. එය විශාල සුන්බුන් ගොඩක්‌ නොවන බවත් බොහෝදුරට මෙම සුන්බුන් ගොඩ අභ්‍යවකාශය තුළම විසිරී යැමට ඉඩ ඇති බවත් එම ආයතනය පවසයි.

උඔ1190F යනුවෙන් හඳුන්වනු ලැබූ අභ්‍යවකාශ කසළ තොගයක්‌ මෙම මස 13 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණි. 2012/2013 වසරවලදී පළමු වරට හඳුනාගනු ලැබූ මෙම අභ්‍යවකාශ සුන්බුන් තොගය සඳ ගමනේදී කැඩී ගිය අභ්‍යවකාශ යානාවක කොටස්‌ විය හැකි බවට තාරකා විද්‍යාඥයන් විසින් අනාවැකි පළකර තිබේ.

Space debris (WT1190F) headed towards the Earth

කිසියම් දිනයක පෘථිවිය මතට විනාශකාරී උල්කාපාතයක්‌ පැමිණෙන්නේ නම් එවන් අවස්‌ථාවකදී ගතයුතු ආරක්‍ෂක පිළිවෙත් පිළිබඳවත් ඒවා අනුගමනය කළ යුත්තේ කෙසේද යන්නත් විමසීමට මෙය හොඳ අවස්‌ථාවක්‌ බව ද එමෙන්ම විනාශකාරී ආකාශ වස්‌තුවක ගමන් මාර්ගය සහ පෘථිවියට පැමිණෙන කාලය නිර්ණය කර ගැනීමට මෙම අභ්‍යවකාශ කසළ තොගය මහත් පිටිවහලක්‌ බව ද යුරෝපා ආකාශ නියෝජිත ආයතනය (ESA) පවසයි.-රසී වීරසිංහ දිවයින 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.