2016දී පළාත් සභා වලට වෙන් කල ප්‍රතිපාදන වලට සමාන මුදලක් 2017 දීත් …………..

maithripala-sirisenaපළාත් සභාවලට 2016 වර්ෂයේදි වෙන් කළ මුදල් ප්‍රතිපාදනයන්ට සමාන මුදලක් 2017 වර්ෂයේදිද ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් සභා ඇමතිවරුන්ට පෙරේදා  (22) දැනුම් දුන් බව දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 2017 වසරේදි වෙන් කළ මුදල 2016 වර්ෂයේදි වෙන් කළ මුදලට වඩා අඩු බව මහ ඇමතිවරුන් ප්‍රකාශ කිරිම නිසා ජනාධිපතිවරයා මේ බව දැනුම් දි තිබේ. 2016 වසරට පළාත් සභාවවලට වෙන් කර ඇති සියලූ මුදල් මේ වසරේදි ලබා දි අවසන් කිරිමටත් 2017 වෙන් කර තිබෙන මුදල් 2016 වඩා අඩු නම් අතිරේක මුදලක් 2017 වසර මැදදි ලබාදිමටත් ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.

ජනාධිපතිවරයා හා පළාත් නවයේ ප්‍රධාන අමාත්‍යවරුන් අතර පාර්ලිමේන්තු සංකිර්ණයේදි ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ශාන් විජයලාල් ද සිල්වා මහතා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය. එම සාකච්ඡාවට මුදල් ඇමති රවි කරුණානායක මහතා මෙන්ම මහාභාණ්ඩාගාරයේ හා මුදල් අමා්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වි සිට ඇත.

2017 අය වැය යෝජනා මගින් උතුරු පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභාවල ප්‍රතිපාදන පසුගිය වසරට සාපේක්ෂව අඩුවෙන් වෙන් කර තිබන බවට මෙහිදි මහ ඇමතිවරු පෙන්වා දි තිබේ. මුද්දර ගාස්තු පළාත් සභාවලට හිමිවී නොමැති බව උතුරු පළාත් මහ ඇමති සි.වි විග්නේෂ්වරන් මහතා මෙහිදි පෙන්වා දී ඇත.

උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ උතුරු මැද පළාත්වල පාසැල්වල දැඩි ඩෙස් පුටු හිඟයක් පවතින බවයි. නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා තවත් වැඩිපුර මුදලක් වෙන් කර දෙන ලෙස දකුණු පළාත් මහ ඇමතිවරයා ඉල්ලා තිබේ. මහ ඇමතිවරුන් යෝජනා කරනා ලද සියලූ කරුණු ක්‍රියාත්මක කිරිමට මෙම සාකච්ඡාවේදි එකඟ වූ බවද ශාන් විජයලාල් ද සිල්වා මහතා කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.