2018 දී ටයිටැනික් 2 නෞවකාව දියඹට

දැනට අවුරුදු 104කට පෙර විනාශ වූ ටයිටැනික් නෞවකාව මේ වන විට ඇත්තේ අත්ලාන්තික් සාගරයේ අඩි 12000ක් ගැඹුරේය.කිසිදාකවත් නොගිලෙන නෞවකාවක් නම් කෙරුණු මේ නෞවකාව මුහුදුබත් වූයේ 1912දී ය.ටයිටැනික් නෞවකාව පිළිබදවත් එහි ගමන් ගත් දෙදෙනෙකුගේ ආදරය පිළිබදවත් දශකයකට ආසන්න කාලයේ දී සිනමා පටයක් ද නිර්මාණය විය.ඒ ලොව මෙතෙක් බිහි වූ හොදම ආදර අන්දරය ලෙසය.

එය එසේ වුව ද මේ වන විට ටයිටැනික් 2 නමින් නෞවකාවක් 2018 වසරේ දී යාත්‍රා කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ටයිටැනික් 2 නෞවකාව විනාශ වූ නැවේ අභ්‍යන්තර සැකස්මට අතිශයින් සමාන වන අතර මෙහි මගීන්ගේ ආරක්ෂාවට යොදා ගත හැකි නවීන ක්‍රම සියල්ලෙන් සමන්විතය.එමෙන්ම විනාශ වූ නෞවකාව තුළ සියලු මගීන්ට ජීවිත ආරක්ෂක බෝට්ටු නොතිබූ නමුත් මෙහි එම පහසුකම ද ඇත.

මෙහි කාමර 840ක් දගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 2435ක් ද එහි ගමන් කරන නාවිකයන් ගණන 900ක් ද වෙනවා.

ඇමරිකානු ව්‍යාපාරිකයෙකු හා දේශපාලනඥයෙකු වන ක්ලයිව් පාමර්ට අයත් මෙම නැව 2018 වසරේ දී දියඹට මුදා හරිනු ඇත.

පහතින් ඇති වීඩියෝවේ ටයිටැනික් 2 නෞවකාවේ ත්‍රිමාණ වීඩියෝ පටයක් නැරඹීමට හැක.

 

 

 

 

 

 

 

 

 

tai 1 tai 2 tai 3 tai 4 tai 5 tai 6

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.