බණ්ඩර මැරූ උන්- සේන තෝරදෙනිය

bandara1

 

 

 

 

සේන තෝරදෙනිය

‘බණ්ඩර මැරූ උන්’ නවකතාවෙන් කියැවෙන්නේ අන්තර්ජාතික කීර්තියට පත් ලාංකික චිත්‍ර ශිල්පියකුගේ ජීවිතය අභිරහස් මරණයකින් කෙළවර වූ ආකාරයයි. මෙහිදී චිත්‍ර ශිල්පියා, එහි තාක්ෂණය, ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳවත් සාකච්ඡා කෙරෙනවා. එමෙන්ම මෑත කාලීන ලංකාවේ දේශපාලනය, වාමාංශික ව්‍යාපාරයේ ශෝකජනක පරිහානිය හා වර්තමාන මැද පන්තියේ ඛේදවාචකයත් මේ නවකතාවෙන් පිළිබිඹු වෙනවා. නවකතාවේ විශේෂත්වය ලෙස මා දකින්නේ එයට ම සුවිශේෂී වූ ආඛ්‍යාන රටාවයි. මෙහි ආඛ්‍යාන රටාව පරම සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ආශ්‍රයෙන් ගොඩනැඟුණු හෙළ වියරණ රීතිය මත පදනම් වූ සුවිශේෂී වූවක්. එසේ ම මේ නවකතාව මෙතෙක් ශ්‍රී ලාංකික නවකතාකරුවකු ඇසුරු නොකළ විෂය පථයකට යොමු වී තිබෙනවා.

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ පිළිබඳවත් යම් අදහසක් පළ කරන්නට මම කැමැතියි. මෙවර සම්මාන උලෙළ “නො සිදු වීමක්” බවට පත් ව ඇති සැටියක් පේනවා. එසේ කියන්නේ වෙනදාට සාහිත්‍ය සම්මාන උත්සවය පිළිබඳ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් සිදු කෙරෙන මහා මාධ්‍ය ප්‍රචාරය මෙවර දක්නට හෝ ඇසීමට නොලැබෙන හෙයින්. වෙනදාට ස්වර්ණ පුස්තක හෝ වෙනත් සම්මාන පිළිබඳ ව කොපමණ ලිපි වැඩසටහන් මාධ්‍යයන්හි ප්‍රචාරය වෙනවා ද? මෙවර උත්සවය හෝ සම්මාන සඳහා නිර්දේශිත පොත් පත් හෝ ලේඛකයන් හා සම්බන්ධ ලිපි හෝ වැඩ සටහන් දැකීම දුර්ලභයි.

අඩුම තරමේ ජාතික පුවත්පත්වල සාහිත්‍ය අතිරේකවලවත් මෙවර සාහිත්‍ය උත්සවයට අදාළ ලිපි පළවුණේම නැති තරම්. මෙයට හේතුව ලෙස මා දකින්නේ රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ සාහිත්‍යකරුවන්ගේ කෘති මේ සම්මාන සඳහා නිර්දේශ වී නොතිබීමයි. එන් ජී ඕ කාරයන් සහ ඇතැම් ප්‍රකාශකයන්ගේ සුරතලුන් හා සුරතලියන්ගේ කෘති මෙවර අවසන් වටයට තේරී නොතිබීම මෙම නිහඬතාවට හේතු වන බව මා සිතනවා. එමෙන්ම එන් ජී ඕ විචාරකයන්ට අවශ්‍ය සාහිත්‍යකරුවන් මේ ගොඩේ නොසිටීමත් මෙයට හේතුවක්.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.