New Political Aliance-වංශ පෙරමුණේ අභියෝගය

විමල් වීරවංශ  සහ සෝමවංශ යන දෙදෙනාම කළුතර පළාත්වාසීන් යාබද  කළුතර සහ න්තිස්ස විදුහලේ ආදී සිසුන්ය.දැන් මේ ආදී සිසුන් දෙපළ අඩු වැඩි වශයෙන්  එක බෝට්ටුවේය. බෝට්ටුව පැද්දෙන්නට පටන් ගෙන ඇති අතර සුළං හමන අත නිශ්චිත නැත.

එදා විමල් වීරවංශ ජනතා පෙරමුණෙන් නෙරප හරින විට සෝමවංශ අමරසිංහ කියා සිටියේ විමල් යනු අංක එකේ දුෂිතයෙක්  වන බවයි

සුළඟ තදින් හන විට අතීතය අමතක කොට වර්තමානය ගැන කල්පනා කොට වැඩ කිරීම සාමාන්‍ය සිරිත බව ඔප්ප්පු කරමින් මේ වංශ දෙපළ  කොන්දේසි  විරහිතව  සන්ධානගත වන්නට  සුදානම්ය.

වංශ පෙරමුණ

lඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි පක්ෂ 10ක් හා සෝමවංශ අමරසිංහ මහතාත් සමග සාකච්ඡා කර ඒකාබද්ධ පෙරමුණකින් තරග කරන බව ජනිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කියා සිටී.

 

 

 

මේ සඳහා කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගේ අනුමැතිය ලැබී ඇති අතර  ය හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් බහුතරයක් මේ පිළට එක වුනහොත් සිරිසේන ජනාධිපතිවරයාට දැඩි අභියෝගයකට මුහුන දීමට සිදු විය හැකිය.

 

ජාතික නිදහස් පෙරමුණ පසුගිය 05 වැනිදා සිට විශාල පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් ආරම්භ කළ බවත් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා සමග සාකච්ඡා කර එම පක්ෂයත් එක්කර ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

somawansa amarasinha to join wimal weerawansa in new political alliance

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.