Nepal:ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර

nepal

එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ට ලබා දෙන දීමනාව කපා හැරීමේ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණයකට කත්මන්දු නගරයේදී එක්වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර කෑමට සිදුවී ඇත.

මේ පිරිස දින දහසයක්  කත්මන්දු  අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට  උදඝෝෂණයේ නිරත අතර, ඔවුන් ප්‍රධාන දොරටුව අවහිර කළ අවස්ථාවේදී පොලීසිය විසින් පහරදී පලවා ඇත.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනෙකුට  තුවාල සිදුවී ඇති බවයි පිරිස අතරේ සිටි සුරේෂ් කුමාර ඩයස් මාධ්‍යයට පැවසුවේ.

මෙතෙක් ලබාදුන් මසකට නේපාල රුපියල් 5700 ක දීමනාව කප්පාදු නොකරන ලෙසත් තමන් වෙනත් රටක පදිංචි කරන් ලෙසත් මේ පිරිස කරන ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, මියන්මාරය, සෝමාලියාව, ඉරාකය සහ ඉරානය ඇතුළු තවත් ගණනාවකින් පැමිණි පිරිසක් උද්ගෝෂණයට එක්ව සිටියහ.

රාජපක්ෂ භීෂන සමයෙහි ඇතිවූ යම් යම් තර්ජන හේතුවෙන්  නේපාලයට පලාගොස් එහිදී එක්සත් ජාතීන්ගේ සරනාගත කොමිසමේ රැකවරන ලැබූ  ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් පිරිසක් එරට ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් අනතුරට ලක්ව සිටිය දී ඔවුන් යළි මව් රට එවීමට තමන් උපරිම උත්සාහ ගන්නා නමුත් නේපාලයේ ආගමන- විගමන අංශ අවසර නොදුන් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට පෙර පවසා තිබින.

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.