Protest:හාමුදුරුවනේ නවත්වමු විමර්ශන

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ත්‍රිකුණාමල නාවික හමුදා සංකීර්ණයේ පවත්වාගෙන යනු ලැබූ වධකාගාරය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු සහ නාවිකයකු අත් අඩංගුවට ගෙන තිබෙන බව  වාර්තාවී ඇතත් එම වාර්තා සනාථ වී නැත.

secret-camp

 

වධකාගාරය ගැන කෙරෙන රහස් පොලිස් පරීක්ෂණ වලට නාවික හමුදාවද සහාය දෙන  නමුත් ඉන් එහාට වැඩි යමක් ප්‍රකාශ කල නොහැකි බව නාවික හම්දව කියා සිටී.

99485_kalu kkk

මේ අතරවාරේ  කොළඹ කොටුව ජනපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණි රාවණා බලය සංවිධානයේ හිමිවරුන්  කළු කුඩවල සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුව ආරක්ෂක නිධාරීන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම,එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට ඇප ලබා දීම සහ නිදහස් කිරීමට එරෙහිව විරෝධය පල කළහ.

 

 

ත්‍රිකුණාමල වරාය සංකීර්ණයේ වනගත කඳුගැට මත පිහිටි ‘ගෝටාස් කෑම්ප්’  සම්බන්ධයෙන්  ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය (ITJP) 2015 ජූනි මාසයේ හෙළි කළ පරිදි  2010 දක්වා වධකාගාරයේ අණදෙන නිලධාරියා  ලුතිනන් කොමදෝරු කේ සී වෙලගෙදරය. ඉන් අනතුරුව ලුතිනන් කොමදෝරු රණසිංහ කඳවුරේ ප්‍රධානියා වශයෙන් කටයුතු කොට තිබේ.

බුද්ධි අංශ අකර්නම්‍ය

බොදු බල සේනා ඇතුළු සංවිධාන කියා සිටින්නේ නිලධාරීන්ට එරෙහිව  විමර්ශන පැවැත්වීම නිසා බුද්ධි අංශ අකර්නම්‍ය වන බවයි.

 

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම, මාධ්‍යවේදී සම්පත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මිනීමැරුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ හමුදා නිලධාරීන් හටයි.

හමුදා නිලධාරීන්ට එරෙහිව  විමර්ශන පැවැත්වීමට විරෝධය පල කරන හිමිවරුන්ගේ මතයට අනුව මේ සියළු විමර්ශන නතර කළ යුතුය.

එසේ නම් අල්ලස්  හා දුෂණ කොමිසම ඉදිරියේ පවතින සියළු විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කල යුතුය. මන්දයත් ඒ කොම්සම ඉදිරියට ගෙනැවිත් ඇත්තේ නානා න විධ ක්ෂේත්‍ර වල අතිශයින්ම සක්‍රීය පිරිස් වන හෙයිනි.

 

 

Buddhist clergy opposes investigations against security forces

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.