EU Ban:වාර්ෂිකව ඩොලර් මිලියන සියයක පාඩුවක්

1860475087fishing2

 

යුරෝපා මත්ස්‍ය තහනම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන සියයක පාඩුවක් සිදුව ඇතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ඔහු පවසන්නේ ලබන වසර වන විට යුරෝපයේ පනවා ඇති මත්ස්‍ය තහනමෙන් නිදහස් වීමට ශ‍්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

පස්ගිය ආණ්ඩුවේ ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කලේ රාජිත සේනාරත්නයි.

නිසි ප්‍රමිතියට මාළු ඇල්ලීම නොකිරීම නිසා මේ තහනම පනවුණි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික ධීවර දිනය වෙනුවෙන් හලාවත පැවති උත්සවයකට එක්වෙමින්.

ඉන්දීය ධීවරයින්ගෙන් මෙරට ධීවර කර්මාන්තයට එල්ල වන බලපෑම තවමත් අවසන් වී නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ධීවර ගැටලුවට මූලිකවම වගකිවයුත්තේ ඉන්දීය ධීවරයින් නොව තමිල්නාඩු දේශපාලනඥයින් බවයි මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

ඉදිරියේදී කුමන හේතුවක් මත හෝ මෙරට ජාතික ධජය යටතේ විදේශීය යාත‍්‍රාවලට මසුන් මැරීමට ඉඩ නොතබන බවයි ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

EU ban on fishing is costing one million dollars a year for sri lanka.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.