Mali:175 ක් ප්‍රාන ඇපයට

139405161613397985829794 (1)

 

 

 

මාලි රාජ්‍යයේ අගනුවර පිහිටි සුපිරි හෝටලයක සිටි 170කට අධික පිරිසක් සටන්කාමීන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන ඇත.

ඉන් 140ක් අමුත්තන් වන අතර 30 දෙනෙකු හෝටල් සේවකයින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන්කාමීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම පිරිස ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවයි.

හෝටලය ආශ‍්‍රිතව පිපිරුම් කිහිපයක් ද සිදුව තිබෙනවා.

ප‍්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්. ප‍්‍රහාරය එල්ල වූ හෝටලය අමෙරිකානු ජාතිකයෙකුට අයත් එකකි.

මේ අතරවාරේ  ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රැන්ෂුවා හොලන්ඩේ ඝාතනය කරන බවටත්, ධවල මන්දිරය පුපුරුවා හරින බවටත් තර්ජනය කරමින් අයි.එස්. ත‍්‍රස්තවාදීන් නවතම වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

පැරිස් ප‍්‍රහාරයෙන් පසුව අයි.එස්. ත‍්‍රස්තවාදීන් අන්තර්ජාලයට මුදාහැරි දෙවන වීඩියෝව මෙයයි.

පළමු වීඩියෝව මගින් ද ඔවුන් සිය මීළඟ ඉලක්කය අමෙරිකාවේ වොෂින්ටන් නගරය බවට තර්ජනය කර තිබුණා.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.