Budget-බන්දුල-අනුර අයවැය පතුරු ගසති

අයවැය තේ සාදයට
අයවැය තේ සාදයට

මෙය හිඟන්නාට පවුඩර් දැම්මා වැනි අයවැයක් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අයවැය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසූ ඒ මහතා මේ අයවැය තනිකරම පුස් බංකොළොත් අයවැයක් බවත් මේ අයවැයෙන් ජනතාවට ලැබුණු සහනයක් නැති බවත් කීය.වී, රබර්, තේ ගොවියාට දෙන බව කිවූ සහන කිසිවක් අයවැය ලේඛනයට ඇතුළත් කර නැතැයිද ඔහු කීවේය.

BUDHTTEA

අයවැය අසමත් අනුර කුමාර දිසානායක 

මෙවර අයවැයේ ආර්ථික උපාය මාර්ග අපේ රට ඉදිරියට ගෙන යාමට කිසිසේත් සමත් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ අයවැයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නව රජයේ ආර්ථික උපාය මාර්ග. ඒවා කිසිසේත්ම අලුත් උපාය මාර්ගයන් නොවේ. අපේ රටේ ඉඩම් වෙළඳපළ, මූල්‍ය වෙළඳපළ, පෞද්ගලික අංශ වෙත පැවරීම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කිරීමට උත්සාහ කිරීම රාජ්‍ය සේවය කප්පාදු කර විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ආදී යෝජනා වලින් පෙන්නුම් කරන්නේ අපේ රට නිසි ආර්ථික උපාය මාර්ගයකට යොමු කිරීමට වර්තමාන රජය අසමත් බවයි

 

BTEA

 

මහින්ද නැහැ

වාර්ෂිකව සෑම අයවැය යෝජනාවලියන් අවසානයේම පැවැත්වෙන් තේ සාදය අදත් පස්වරුවේ පාර්ලිමේන්තු විශේෂිත මැදිරියේ පැවැත්විණි.

මුදල් අමාත්‍යංශය විසින් මෙය සංවිධානය කරනු ලබයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියල්ලටම මේ සඳහා අරාධනා ලැබෙන අතර අද පැවැති තේ සාදය සඳහා හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරු එහිදී දක්නට නොලැබිණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැමිණීමෙන් පසු තේ සාදය ආරම්භ කෙරුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එයට එක්විය.

ජනතා විමුක්ති පෙරමුණු හා දෙමළ ජාතික සන්ධාන සමාජිකයෝද ඊට එක්ව සිටියහ.

 

 

 

2015 Budget cruised

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.