20/20 Cricket:ලෝක කුසලානය චෙන්නායිවල

ලෝක කුසලානයට චෙන්නායි නම් කිරීම
ශ්‍රී ලංකාවේ කණස්‌සල්ලට හේතු වෙයි!

චමිල කරවිට

ලබන වසර මුලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්‌සයි/20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයක්‌ ලෙස චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණය යොදාගතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට එහි ගොස්‌ තරග කිරීම අවදානම් මෙන්ම අහිතකර තත්ත්වයක්‌ ගෙන එන්නක්‌ බව දැන් දැන් ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්‌වී තිබේ.

අදාළ ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයක්‌ වශයෙන් චිදම්බරම් ක්‍රීඩාංගණය යොදා ගැනීම පිළිබඳ වූ තීරණයක්‌ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය මේ වන තෙක්‌ නොගැනීමත් සමග අදාළ මතභේදාත්මක තත්ත්වය මතුවීමට හේතු වී තිබේ.

 

epa02702387 Tamil Eelam supporters shout slogans in support of hanging Sri Lankan President Mahinda Rajapaksa, till death in Chennai, India, 25 April 2011. Protesters had requested United Nations (UN) to make Mahinda Rajapaksa to appear in court and he should be given death punishment by hanging. A UN report said 'tens of thousands' of people died between January and May 2009 in the final offensive that resulted in the defeat of the Liberation Tigers of Tamil Eelam (LTTE), ending a decades-old ethnic conflict which had claimed up to 100,000 lives. The report also said allegations of attacks against civilians demanded a serious investigation and the prosecution of those responsible.  EPA/NATHAN G.
 Tamil Eelam supporters 

 

 

ආරක්ෂාව

තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් එලෙසින්ම ජාතික කණ්‌ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් කෙරෙහිද එල්ල වී තිබීමත් එම තත්ත්වය මත ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ දැඩි ගැටලුකාරී තත්ත්වයක්‌ මතුවනු ඇත. එමෙන්ම ඉන්දීය ක්‍රීඩාංගණවල තරග පැවැත්වෙන විටදී ක්‍රීඩා පිටියේදී පවා ක්‍රීඩකයන්ට ප්‍රේක්‍ෂකයන්ගෙන් හිරිහැර එල්ල වීම සාමාන්‍ය තත්ත්වයක්‌ බැවින් මේ පිළිබඳව සුලුවෙන් තැකිය නොහැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත්, අයි. පී. එල්. තරගාවලියේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමිල්නාඩුවෙන් දැඩි විරෝධය පළ වූ අතර එහිදී චෙන්නායිහි පැවැති තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොදා නොගන්නා ලෙසටද ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට තමිල්නාඩුව විසින් බලපෑම් සිදු කරන ලදී. මෙම තත්ත්වය මත චෙන්නායිහි පැවැති තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්‌ථාව අහිමිවිය.
Chennai_Central_Station_panorama
ඒ අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට සිදුවුවහොත් මුහුණදීමට සිදුවන අපහසුතාවයන් පිළිබඳව ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හෝ ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය දැනුවත් කළේද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාගෙන් zදිවයිනZ කරුණු විමසන ලදුව, zzඇත්තටම ඒ පිළිබඳව අපි තවම සාකච්ඡාවක්‌ කරලා නැහැ. මොකද තරගාවලියට අදාළ කාල සටහනවත් මේ වන තෙක්‌ ප්‍රකාශයට පත්වී නොමැති නිසා මේ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයකට පෙළඹෙන්න බැහැ. චෙන්නායි වල ගිහිල්ලා තරග වැදීමට සිදුවුණොත් එහි අවුලක්‌ තියෙනවා. මොනව වුණත් කළින් කිව්වා වගේ තරගාවලි කාල සටහන එළියට එනකල් අපිට කිසිදෙයක්‌ කරන්න බැහැ යැයි  පැවැසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වා ඇති ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ ලේකම් අනුරාග් ටාකූර් මහතා, අදාළ ක්‍රීඩාංගණය සත්කාරක ක්‍රීඩාංගණ අතරින් ඉවත් කිරීම පිළිබඳව මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නොමැති බව සඳහන් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.