JVP:ජනතා දේපල විකිනීමේ අයවැයක්

 

sunil-handunneththi1-415x260

 

මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ (20) දිනයේ ඉදිරිපත් කළ 2016 අයවැය සම්බන්ධයෙන් වන දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය වන අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් රැසක් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටිහය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කළේ අයවැයෙන් ලබාදුන් සහනවලට වඩා තුන් ගුණයකින් ජනතාව මත බදු බර පටවා ඇති බවත් ජනතා දේපල විකිනීම මෙහි ප්‍රධාන උපාය මාර්ගයක් වී ඇති බවත්ය.

 

 

(1)ආර්ථිකයේ පදනම සුණු විසුණු කරන අයවැයකි.ජාතික පැවැත්ම ආරක්ෂා කරන්නේ නැත.මෙය විදේශ වෙළඳපල පදනම් කරගත් අයවැයකි.ජනතාවට හිමි ආරක්ෂාව අහෝසි වී ඇත.සමාජ ආරක්ෂණ දැලක් නැත.

(2) විනිමය පාලන පනත අහෝසි  වී ඇත.රටින් පිටට  යන මුදල් නතර කිරීමට සැලසුමක් නැත. විදේශිකයින්ට ඉඩම් විකිණීමට තිබු සීමාව ඉවත් කොට ඇත.

(3) නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට පියවර ගෙන නැත.ඒ වෙනුවට ප්‍රාග්ධනය වැඩි කර ගැනීමට උත්සහ ගෙන ඇත.

(4)දේශීය කර්මාන්ත යටපත් කරන අයවැයකි.

(5)1980 දී ඩොලරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වුනේ රුපියල් ධටක් පමණි අද රුපියල් 140.00 ක් අවශ්‍යවේ.මෙය වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිපලයකි.

(6)එකවර මුදල් කාන්දු වීමක් සිදුවුනත් දිගු කාලීනව ආර්ථිකය අවදානමට  ලක් විය හැකිය.

(7) බඩු  මිල අඩු කිරීමසඳහා  මිලියන් 3,000 ක් වෙන් කලත් ජාතිය ගොඩ නැගීමේ බද්ද මිලියන 90,000 දක්වා වැඩි කොට ඇත.මේ අනුව ඉදිරියේදී බඩු  මිල විශාල වශයෙන් වැඩිවෙනු ඇත.

(8)මාර්ග අනතුරුවලට රුපියල් 10,000 ක් දඩ ගැසීම වැරදිය.චෙක් පතක් අගරු වුවහොත් සාපරාධි වරදක් කොට ඇත.වාහන පරීක්ෂා කිරීමේ ගාස්තුව වැඩි කොට ඇත.

(9)පාසල් ඇදුම්  සඳහා වවුචර් ලබාදීම හේතුවෙන් එය වෙළඳ ව්‍යාපාරයක් බව කියා පසුව නතර කල හැකිය.

(10) ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අහෝසිකිරීමේ යෝජනා ඇත.

 

[vsw id=”/7Rxiuv9nacg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.